පැන්ඩෝරා ලේඛණ විමර්ශණ සිදුවන්නේ කෙසේද? අවසන් තීරණය මෙන්න

මහා පරිමාණ මූල්‍ය වංචා පිළිබද පැන්ඩෝරා ලේඛණවල නම් අඩංගු ශ්‍රී ලාංකිකයන්ගේ විමර්ශණ සම්බන්ධ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් අවසන් තීරණය කැබිනට් මණ්ඩලය විසින් ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

අද පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මේ බව කියා සිටියා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රජයට කිසිදු සම්බන්ධයක් නැතිවුවද රටේ කීර්තිනාමය වෙනුවෙන් මේ පිළිබද විශේෂ විමර්ශණයක් මගින් සමබර පරීක්ෂණයක් පවත්වන බවයි ජී එල් පීරිස් එහිදී අවධාරණය කලේ.

කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැන්ඩෝරා පත්‍රිකාවල නම් සඳහන් සියලු ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් මසක් ඇතුළත විධිමත් පරීක්ෂණයක් පවත්වා වහා ම තමන්ට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසමේ සභාපතිවරයාට නියෝග කර තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?