පැතුම්ගේ කරමතින් ගොඩනැඟුණු ශ්‍රී ලංකා ඉනිම 141න් නවතීයි

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිතිකරුවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 141ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 45ක් තුළ වේගවත් ලකුණු 67ක් රැස්කරමින් ශ්‍රී ලංකා ඉනිමේ අත්තිවාරම බවට පත් වුණා.

කුසල් මෙන්ඩිස් ලකුණු 18ක් රැස්කළ අතර භානුක රාජපක්ෂ රැස්කළ ලකුණු සංඛ්‍යාව 22ක්.

පන්දු යැවීමේ දී මාක් වුඩ් කඩුලු 03ක් බිඳ දැමීමට සමත් වුණා.

ඒ, අනුව මෙම තීරණාත්මක තරගය ජය ගැනීමට එංගලන්තයට ලකුණු 142ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?