බුද්ධික ප්රසාද් නොහොත් පැට්ටා පැහැරගෙන ගොස් වෙඩි තැබීමට භාවිතා කල යතුරු පැදියේ ලියා පදිංචි අංකයට අදාල හිමිකරු සහ එම යතුරු පැදිය උකසට ගෙන භාවිතා කරන ලද පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පීරිස් විතානගේ බුද්ධික ප්රසාද් නොහොත් පැට්ටා යන පුද්ගලයා පැහැරගෙන ගොස් ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීම සඳහා යොදාගන්නා ලද යතුරු පැදියේ ලියා පදිංචි අංකයට අදාල විස්තර වාර්ථාවට අනුව එම අංකයට අදාල හිමිකරු සහ එම යතුරු පැදිය උකසට ගෙන භාවිතා කරන ලද දෙවොලපොළ සහ කඩවත ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 40ක් සහ 45 ක් වන පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නවගමුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
