පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු නවුෆර් මවුලවියි – සරත් වීරසේකර

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු නවුෆර් මවුලවි බවට ඇමෙරිකාවේ FBI ආයතනය පවා තහවුරු කර ඇති බවත් එම ප්‍රහාරයට සම්බන්ධව එක් විදේශීය ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් අමාත්‍ය සරත් වීරසේකර මහතා අද (19දා) පාර්ලිමේන්තුවට පැවැසීය.

ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ තවත් මාලදිවයින් ජාතිකයන් 4ක් පිළිබඳවද පරීක්ෂණ පවත්වන බවයි.

පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාළ උදෘත සම්බන්ධයෙන් නීතිපතිවරයා පෙන්වා දුන් අඩුපාඩු මේ වන විට ඉක්මනින් නිවරදි කිරීමට කටයුතු කරමින් පවතින බවද ඔහු පැවැසීය.

මෙම ප්‍රහාරයට අදාළව මේ වන විට පුද්ගලයන් 32කට එරෙහිව නඩු පවරා ඇති බවත් නඩු පැවරීම ප්‍රමාද වන්නේ මෙවැනි ප්‍රහාරවල විමර්ශන ඉතාමත් සියුම්ව සිදුකළ යුතු නිසා බවත් ඔහු පැවැසීය.

වත්මන් රජය කිසිය ආකාරයකට අන්තවාදයට හා ත්‍රස්තවාදයට හිස ඔසවීමට ඉඩ නොදෙන බවත් පාස්කු ප්‍රහාරය වඩා දරුණු ප්‍රහාරයක් එම ප්‍රහාරයෙන් අනතුරුව තවමත් සිදුව නොමැති බවත් ඔහු පැවැසීය.

පොලිස් පරීක්ෂණ අනුවත් ඇමෙරිකානු විමර්ශන අනුවත් පාස්කු ප්‍රහායේ මහ මොළකරු නවුෆර් මවුලවි බවට හඳුනාගෙන ඇති බවත් ඔහු පැවැසුවේය.

අයි.එස්. මතවාදය ලංකාවේ ව්‍යාප්ත කිරීම, අයි.එස්. පුහුණුව ලබාදීම, නුවරඑළිය හා හම්බන්තොට පාසල් අධීක්ෂණය කිරීම නවුෆර් මවුලවි විසින් සිදුකර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.07
00:00
Video thumbnail
බන්ධනාගාර සිද්ධියට විවාදයක් ඉල්ලා සජිත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි - බරපතළ සිද්ධියක්..පැය 4ක් දෙන්න
05:32
Video thumbnail
අපි උඩ බලාගෙන හිටියේ නෑ - චෝදනාවලට ඇමති උත්තර දෙයි
07:38
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ සිදුවූ සියල්ල අධිකරණ ඇමති එළියට දායි - ප්‍රහාර යොමු කරලා CCTV කැමරා ටික කඩලා
08:51
Video thumbnail
බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලැබූවන්ගේ නම් ලැයිස්තුව එළියට
01:34
Video thumbnail
මගේ දරුවා ගෙනල්ලා දීපල්ලා.. කෝ මගේ දරුවා..
01:35
Video thumbnail
මගේ දරුවාව මට පෙන්නන්න - මව්වරු බන්ධනාගාරය ඉස්සරහා වැඳ වැටෙයි
02:14
Video thumbnail
බන්ධනාගාර උණුසුම ගැන නාමල්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - මොකක්ද ආණ්ඩුවේ හැංගිච්ච වුවමනාව
09:28
Video thumbnail
බන්ධනාගාර ගැටුමේ මහ මොලකාරයා සුරේෂ් කියන කෙනා කෝ..?
00:14
Video thumbnail
රැඳවියන්ගේ ඥාතීන් අදත් තම හිතවතුන්ට වෙච්ච දේ ගැන අහන්න මීගමුවට එයි...
00:33