පාස්කු ප්‍රහාරයට අත්අඩංගුවට ගත් තිදෙනෙකුගෙන් පොලිසිය වැඳ සමාව ඉල්ලයි

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට නිදහස් කර ඇති හොරොව්පතාන ප්‍රදේශයේ පුද්ගලයින් තුන්දනෙකුගෙන් හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පස්දෙනෙකු අද (01) දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිංහල ක්‍රමයට ඔවුන්ට ආචාර කර සමාව ඉල්ලා සිටියා.

තමන්ව නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන මාස හයකට වැඩි කාලයක් රඳවා තබා ගැනීම තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට චෝදනා කරමින් සෙනූල් ආබ්දීන් ඉර්ෆාන්, සෙනුල්ආබ්දීන් කලීෆාතුල්ලා සහ නූර්ගේ සකරියා යන අය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම සමාව ගැනීම සිදුකෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් අදාල පුද්ගලයින්ගෙන් යලි ප්‍රශ්න කිරීම් නොකරන බවත් අදාල පොලිස් නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල්වරයා අධිකරණය හමුවේ සඳහන් කළා.

එස් තුරෙයි රාජා, කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙන්ගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබුවා.

මෙම පෙත්සම්වල වගඋත්තර කරුවන් ලෙස නම්කර සිටි එවකට හොරොව්පතාන පොලිස් ස්ථානාධිපති රොෂාන් සංජීව, එම පොලිසියේ පොලිස් සැරයන් ප්‍රේමරත්න, සැරයන් සිසිර, පොලිස් කොස්තාපල් ජයතිලක සහ කැබිතිගොල්ලාව පොලිස් ස්ථානාධිපතිවරයා විවෘත අධිකරණයේ පෞද්ගලිකව පෙනී සිටිමින් මෙම සමාව අයදීම සිදු කළා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් මාධව තෙන්නකෝන් සඳහන් කළේ මෙම පෙත්සම්කරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ හොරොව්පතාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබූ බවයි.

2022 වසරේදී එම නඩු වලින් ඔවුන් නිදොස් කොට නිදහස් කළ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියෙන් පසුව ලැබුණු පැමිණිලිවලට අනුව මෙම පෙත්සම්කරුවන් පිරිස පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවත් ඔවුන්ගේ ගිණුම්වල රුපියල් කෝටි සීයකට වැඩි මුදලක් හුවමාරු වී ඇති බවට මාධ්‍යවලින් වාර්තා කර තිබූ බවත් අධිකරණය හමුවේ සඳහන් කර තිබුණා.

එහෙත් පසුව තමන්ව සියළු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය තීන්දු කළ බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් මේ තුළින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ගොනුකර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
7
+1
1
+1
2
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෝලිමේ ඉඳලා ෆුල් ටෑන්ක් ගහපු යතුරුපැදියෙක් මහ පාරේ ගිනිගනී
00:31
Video thumbnail
වැල්ලවායේ ඉන්ධන සැපයීම සාමාන්‍ය අතට හැරෙයි
01:29
Video thumbnail
ශ්‍රී ලාංකිකයින් පිරිසකගේ බිහිසුණු අත්දැකීම..වැ#නවා..දුවපන්..දුවපන්
00:47
Video thumbnail
"මේක බුදුබව අත්වෙන්න තරම් පිනක්..ගොඩක් පිං"බැතිමතුන් 1200ක් සෝමාවතී‍යට රැගෙන ගිය පින්බර වැඩසටහන
06:48
Video thumbnail
බිමල්ගේ ඇටකටුත් නැතිවෙන්න ට්‍රම්ප් ග#නවා - බලු කතා කියන්න එපා
02:50
Video thumbnail
මැදපෙරදිග යුද්දයෙන් ලංකාවේ අපනයනවලට වෙන දේ මෙන්න..තේ වැනි දේවල් දැන්ම වරායට ගේන්න එපා
02:58
Video thumbnail
ඩුබායි ෆාම් ජුමේරාවල නවතම තත්ත්වය..මුළු නගරයම පාළුවෙලා ගිහින්
01:59
Video thumbnail
මැදපෙරදිග යුද්ධය ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
03:12
Video thumbnail
අචින්ති තම්පි භවති - චින්ති තම්පි විනස්සති
01:48
Video thumbnail
රටේ පාලකයෝ මහ සංඝරත්නයට කතා කරන්නේ වනචාරීන් කියලා..සජිත් සැර වෙයි
05:28