පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් ගංජා මිශ්‍රිත මත් ගුලි අළෙවි කල බව කියන පුද්ගලයෙකු මත් ගුලි තොගයක් සමග පල්ලෙවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්යාංශට ලද තොරතුරකට අනුව පල්ලෙවෙල නගරය මධ්‍යයේ පිහිටි පාසල් ළමුන් සදහා නිළ ඇදුම් මසන ස්ථානයක් පල්ලේවෙල පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (21) වටලනු ලැබීය.
එහිදී වෙළද සැල පිටුපස කාමරයක තිබූ භාජණයක බෑගයක බහා ලනු ලැබූ මෙම මත් ගුලි තොගය පොලීසියට හමුවී ඇත.
මත් ගුලියක් රුපියල් 150 ක් වැනි මුදලකට අලවි කර ඇට්ජි බව අත් අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්ණ කිරීම් වලදී අනාවරණය කරගෙන ඇත.
පාසල් නිළ ඇදුම් මැසීම සදා ප්‍රදේශයේ ඉතා සුප්‍රසිද්ධ ආයතයක් බව කියන මෙම ස්ථනයට පාසල් සිසුන් නිතර පැමිණෙන ස්ථානයක් බවත් පාසල් සිසුන්ට මෙම මත් ගුලි අලවි කල බවට පොලිසිය සැක කරයි.අත් අඩංගුවට ගත් සැකකරු අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පාසල් ළමුන්ට මත් ද්‍රව්‍ය අළෙවි කරන පුද්ගලයින් සොයා පල්ලෙවෙල පොලීස් වසමේ විශේෂ වැටලීමක් මේ වන ක්‍රියාත්මකයි
වැඩි දුර පරීක්ෂණ පවත්වයි.










