පාසල් ළමුන් අතර දුම් පානය ඉහළට

9, 10 සහ 11 ශ්‍රේණිවල පාසල් සිසුන්ගෙන් සියයට 5.7ක් දුම්වැටි පානය කර ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළි වී ඇති බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා පවසනවා.

එලෙස දුම් පානයට ඇබ්බැහි වූ දරුවන්ගෙන් සියයට 34ක් සිය පළමු වැටිය පානය කර ඇත්තේ වයස අවුරුදු 12ට අඩු වයසින් වීම විශේෂත්වයක්.

මත්පැන් සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසන්නේ දිනකට දුම්වැටි පානය කිරීම හේතුවෙන් මෙරට පුද්ගලයන් 50 දෙනෙකු මියයන බවයි. ඒ අනුව දුම්පානය හේතුවෙන් වසරකට පුද්ගලයන් 20,000ක් පමණ මිය යන බව එම මධ්‍යස්ථානය පෙන්වා දෙනවා.

හෙටට (31) යෙදී ඇති ලෝක දුම්කොළ විරෝධී දිනයට අදාළව මත්පැන් සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ මේ බව දැක්වෙනවා.

මත්පැන් සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයට අනුව ශ්‍රී ලංකාවේ දුම්වැටි පරිභෝජනය සියයට 9.1 කින් අඩුවී ඇති අතර තරුණ පරපුරේ දුම්වැටි පරිභෝජනය ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතිනවා.

දුම්කොළ සමාගම් පෙන්වා දෙන අන්දමට පසුගිය වසරේ දුම්වැටි නිෂ්පාදනය සියයට 19කින් පහත වැටී තිබෙනවා.

ලෝකයේ දුම්වැටි පරිභෝජනය අඩුවන රටවල් අතර ශ්‍රී ලංකාව යහපත් ප්‍රවණතාවක් පෙන්නුම් කළද තවමත් දුම්වැටි පානය කරන මිලියන 1.5ක් පමණ සිටින බවයි මත්පැන් සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් ආයේ දේශපාලනයට එන්නේ නැද්ද ?..මගේ මුළු ශක්තියම දාලා සජබ - එජාපය එකතු කරනවා
06:07
Video thumbnail
හිටපු ජනාධිපති රනිල්ගේ උපන්දිනයට සමගාමීව තිබූ පිංකමට රවි, රෝසි, තලතා ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
08:25
Video thumbnail
කවුද ප්‍රශ්නෙ හැදුවේ මහින්දද, නාමල්ද ?බස් ගාස්තු නිසා අසේලට නහුතෙටම තදවෙයි
02:53
Video thumbnail
ඉරාන මිසයිල ගැන ඇස් උඩයන කතාවක්
01:26
Video thumbnail
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ කාලය අඩු කිරීමට ජනපති අනුර සමඟ සාකච්ඡාවක්
00:57
Video thumbnail
සජිත් ප්‍රතිඥා දීලම ආණ්ඩුවට දැම්ම සැර සත්තම..ටෙලිකොම් එකේ ඉතුරු ටික මතකද ? ලිට්‍රෝ එක මතකද ?
08:52
Video thumbnail
අපිට තියෙන එකම විකල්පය සජිත් රටේ ජනාධිපති කරන එක..රාජ්‍ය සේවය වෙනුවෙන් වැඩියෙන්ම වැඩ කළේ අපි
02:39
Video thumbnail
ඉරාන මිසයිල ඉලක්ක බටහිරට හැරෙයි ද ?අමෙරිකාවේ සාකච්ඡා කුණු කූඩයට දමා යළි ඇවිලෙන හැටි..
09:04
Video thumbnail
දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයක්..හැකි තරම් දියර ද්‍රව්‍ය පානය කරන්න
04:26
Video thumbnail
නැගෙනහිර පළාත ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන නැහැ..ආණ්ඩුවට කශේරුකාවක් නැද්ද ?
06:28