පාසල් ළමුන්ට නාවික හමුදාවෙන් නායකත්ව පුහුණු සහ දැනුවත් කිරීමේ වැඩසටහනක්

පාසල් අධ්‍යාපනය අවසන් කර ඉදිරියේදී පාසල් හැරයාමට නියමිත කොළඹ ප්‍රදේශයේ තෝරා ගත් පාසල් දහසයක (16) පාසල් ළමුන් 158ක් වෙනුවෙන් සංවිධානය කළ නායකත්ව පුහුණු සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් නාවික හමුදා මූලස්ථානයේදී සහ කොළඹ වරාය හා වැලිසර නාවික පරිශ්‍රයේදී සාර්ථකව පවත්වා තිබෙනවා.

සමෘධිමත් ජාතියක් ගොඩනැඟීම සඳහා රටේ ඉදිරි අනාගතය භාර ගැනීමට සිටින දැයේ දූ දරුවන්ගේ නායකත්ව කුසලතාවන් වර්ධනය කිරීම වෙනුවෙන් පවත්වනු ලබන නායකත්ව පුහුණු සහ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ පළමු පියවර ලෙස මෙය ක්‍රියාත්මක වූ බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේ.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ උපදෙස් මත පැවති මෙම වැඩසටහන සඳහා කොළඹ රාජකීය, ආනන්ද, නාලන්ද, ඩීඑස් සේනානායක, ඉසිපනත, මහානාම, තර්ස්ටන්, ශාන්ත ජෝසප්, ශාන්ත පීතර, ශාන්ත බෙනඩික්ට්, ලුම්බිණි, විශාකා, දේවි බාලිකා, සිරිමාවෝ බණ්ඩාරනායක, හින්දු විද්‍යාලය සහ සහිරා විද්‍යාලය යන විද්‍යාල නියෝජනය කරමින් පාසල් සිසු දරුවන් 158 දෙනෙකු ඉතා උද්යෝගයෙන් සහභාගී වී තිබෙනවා.

ඒ අනුව, නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී නාවික හමුදාවේ කාර්යභාරය පිළිබඳව පැවති වීඩියෝ දර්ශනයක් නැරඹීමෙන් සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් විසින් සිදුකල දේශනයකට සහභාගී වීමෙන් අනතුරුව, කොළඹ වරාය පරිශ්‍රයේ නවතා තිබූ නාවික හමුදාවේ නෞකා හා යාත්‍රාවන් නිරීක්ෂණය කිරීමේ සහ ඒවායෙහි මෙහෙයුම් ක්‍රියාකාරීත්වය පිළිබඳ දැනුවත් වීමට සහ විශේෂ යාත්‍රා බලඝණය විසින් සිදුකල නෞකා වෙත ප්‍රවිශ්ඨ වීම, පරීක්ෂා කිරීම සහ අත්පත් කර ගැනීමේ නිදර්ශණාත්මක අභ්‍යාසයක් නැරඹීමටද සිසු දරුවන් හට අවස්ථාව උදා වුණා.

බටහිර නාවික විධාන මූලස්ථාන නිලධාරි නිවාසයේ දී සිසු දරුවන් හා ගුරු භවතුන් වෙනුවෙන් පැවති දිවා භෝජනයෙන් අනතුරුව, වැලිසර නාවික පරිශ්‍රයේ වායු රයිෆල් වෙඩි තැබීමේ පරිශ්‍රය නිරීක්ෂණය කිරීම සහ ප්‍රයෝගිකව වායු රයිෆල් වෙඩි තැබීමේ අවස්ථාවකට සහභාගී වීමටද සිසු දරුවන් හට අවස්ථාව උදා වී තිබුණා.

එමෙන්ම, වැලිසර වායු රයිෆල් වෙඩි තැබීමේ පරිශ්‍රයේදී නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය විසින් සිදුකල කණ්ඩායම් ක්‍රියාකාරම් පිළිබඳ වැඩසටහනක් සහ නාවික හමුදා වාද්‍ය වෘන්දය විසින් ඉදිරිපත් කල විචිත්‍රවත් සංදර්ශණයක් නැරඹීමෙන් අනතුරුවයි මෙම නායකත්ව පුහුණු හා දැනුවත් කිරීමේ වැඩසටහන සාර්ථකව නිමාවට පත් වූයේ.

නාවික හමුදාව විසින් පාසල් අධ්‍යාපනය නිම කර පාසල් හැරයාමට නියමිත ළමුන් වෙනුවෙන් ආරම්භ කළ මෙම නායකත්ව පුහුණු හා දැනුවත් කිරීමේ පළමු වැඩසටහන, ඒ සඳහා සහභාගී වූ සිසු දරුවන්ගේ මෙන්ම ගුරුභවතුන්ගේද ඉහළ ඇගයීමට ලක් වූ අතර, සමෘධිමත් ජාතියක් ගොඩනැඟීම සඳහා රටේ ඉදිරි අනාගතය භාර ගැනීමට සිටින දැයේ දූ දරුවන්ගේ නායකත්ව කුසලතාවන් වර්ධනය කිරීම වෙනුවෙන් මෙම වැඩසටහන ඉදිරියටත් අඛණ්ඩව සිදු කිරීමට අපේක්ෂා කර ඇති බව නාවික හමුදාව සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:26
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිතුමියත් අවසන් ගෞරව දක්වයි
01:04
Video thumbnail
ගලබොඩ අත්තේ හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතය අ#සන් කරගනී
00:57
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:30
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01