පාසල් සිසුවෙකුට තලා නි.විදුහල්පතිට තග දැමූ සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට

පාසල් සිසුවෙකුට පහරදී නියෝජ්‍ය විදුහල්පතිවරයෙකුට තර්ජනය කළ බව කියන සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට
ගත් බව නවගත්තේගම පොලීසිය පවසනවා.

ඊයේ (20) සවස නවගත්තේගම – කැලේවැව විජය මහා විද්‍යාලයේ දී මෙම සිද්ධිය සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

පහර කෑමට ලක්වූ බව කියන සිසුවා ප්‍රතිකාර සදහා නවගත්තේගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහු නවගත්තේගම – කුරුළුවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

නවගත්තේගම – කැලේවැව විජය මහා විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් තිදෙනෙකු අතර ඊයේ (20) පාසලේ පිරිමි වැසිකිළිය ආසන්නයේ දී ගැටුමක් හට ගෙන තිබෙනවා.

එම අවස්ථාවේදී සිසුන් දෙදෙනෙකු විසින් එක් සිසුවෙකුට පහර දී යකඩ බටයකින් උදරයට ඇණ ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ගැටුම ඇති වූ අවස්ථාවේ දී එය නැවත්වීමට විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයා මැදිහත් වූ අවස්ථාවේ දී එක් සිසුවෙකු විසින් නියෝජ්‍ය විදුහල්පතිවරයාගේ කමිස කොලරයෙන් අල්ලා තර්ජනය කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම සිද්ධිය පිළිබඳව විදුහලේ විදුහල්පති පී.එම්.පී.ආරියරත්න විසින් පොලීසියට කළ පැමිණිල්ලකට අනුව පහරදීම සහ නියෝජ්‍ය විදුහල්පතිවරයා තර්ජනට කිරීමට සම්බන්ධ බව කියන සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නවගත්තේගම පොලීසිය මෙම සිද්ධිය පිළිබදව වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42