පාසල් වැසිකිළියේ දුම්පානය කළ සිසුවියන්ට වැඩ වැරදුණු හැටි

වලස්මුල්ල ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසකගේ බෑග් පරීක්ෂාවට ලක් කිරීමේ දී එම බෑග්වල තිබී දුම්වැටි හමුව තිබෙනවා.

ඒ, සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර සොයාබැලීමේ දී පාසලේ වැසිකිළියක් තුළ දුම්පානය කිරීමට හුරුවී සිටින සිසුවියන් පිරිසක් හඳුනාගැනීමට හැකිව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

පාසල් දරුවන්ගේ නවතම විලාසිතාවක් ලෙස විවිධ විනය විරෝධි ක්‍රියාකාරකම් සිදුකර මුහුණු පොතට එකතු කිරීම පිළිබඳව පසුගිය දිනවල දී දැඩි කතා බහක් මතු වුණා.

එවැනි විලාසිතාවන් අනුකරණය කරමින් පාසලේ වැසිකිළියක් තුළ දුම්වැටි පානය කළ පිරිසක් ලෙස මෙම සිසුවියන් පිරිස අනෙකුත් සිසු සිසුවියන් අතර ඉතා ජනප්‍රිය වී ඇති බව සඳහන්.

නමවන වසරේ ඉගෙනුම ලබන මෙම සිසුවියන්, දුම්වැටි පාසලට රැගෙන පැමිණි සිසුන් හා එකම පන්තියේ ඉගෙනුම බවයි වාර්තා වන්නේ.

පාසල් පාලන අධිකාරියට ලද තොරතුරක් මත පාසලේ සිසුන්ගේ පොත් බෑග් පරීක්ෂා කිරීමට පසුගිය දා පියවර ගෙන තිබෙනවා.

එහිදී සිසුන් කිහිප දෙනෙකුගේ පොත් බෑග් තුළ දුම්වැටි තිබී හමුව ඇති අතර, එම සිසුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ලද තොරතුරු මත සිසුවියන් කිහිපදෙනෙකු පරීක්ෂණ කමිටුව හමුවට ගෙන ඒමට කටයුතු කර ඇති බව සඳහන්.

එහිදී ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ පාපොච්චාරණය කර ඇත්තේ පාසලේ වැසිකිළියක් තුළ දුම්පානය සඳහා එම පිරිස හුරුව සිටින බවටයි.

වහාම එම සිසු සිසුවියන්ගේ දෙමව්පියන් පාසලට කැදවීමට පාසල් පාලන අධිකාරිය තීරණය කළ අතර එහිදී දරුවන් පිළිබදව දක්වන සැලකිල්ල ප්‍රමාණවත් නොවන බව හා පාසලේ නාමයට සිදුකරන ලද හානිය පිළිබදව පවසමින් පැමිණි දෙමව්පියන්ට ලුණු ඇඹුල් ඇතිව කරුණු පැහැදිලි කිරීමට කටයුතු කර තිබුණා.

පරීක්ෂණ මණ්ඩලය විසින් විනය විරෝධීව හැසුරුණු සියලුම සිසු සිසුවියන් පන්ති තහනමකට ද ලක්කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
38
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?