පාසල් වාර විභාග වසරට ම එකයි – වාර තුනට පාසල් වැඩපොත කොටස් තුනකින්

ඉදිරියේ දී එක් පාසල් වාරයක් සඳහා එක වැඩ පොතක් වන සේ වාර තුන සඳහා පාසල් වැඩ පොත කොටස් තුනකින් යුතු ව සිසුන්ට ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

උසුලාගෙන යෑම පහසු වන පරිදි පාසල් සිසු පොත් බෑගයේ අධික බර ප්‍රමාණය අඩු කිරීම එමගින් අපේක්ෂිත බවයි අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

අධ්‍යාපන අමාත්‍යවරයා මේ අදහස් පළකලේ ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ හේවාගම ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා නිල ලාංඡන පැළඳවීමේ උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමින්.

සිසුන්ගේ කශේරුකාව සෘජු ව තබාගෙන ශරීර සුවතාව ආරක්ෂා කරගැනීමට ද මෙම පාසල් බෑගයේ බර අඩු වීම බලපාන බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

දරුවන්ගේ පෝෂණය සඳහා දෙමව්පියන්ට මුදල් යෙදවීමට නොහැකි වීමට ප්‍රධාන හේතුවක් වන්නේ අමතර පන්ති සඳහා අනවශ්‍ය පරිදි වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කිරීම බවයි ඔහු කියාසිටියේ.

මෙම තත්වය වෙනස් කිරීම සඳහා 2024 වසරේ සිට පළමු වසරෙන් ආරම්භ වී සියලු ශ්‍රේණි සඳහා වාර විභාග අඩු කර වසරකට එක විභාගයක් පමණක් පවත්වන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළා.

එසේ වුවත් සෑම පාඩමක් හෙවත් මොඩ්‍යුලරයක් අවසානයේ ම තක්සේරුකරණයක් හරහා ලකුණු පරිගණක සටහන් ලෙස වාර්තාගත කර තබා වසර අවසානයේ විභාග ලකුණුවලට එකතු කරන අතර මුල දී මෙය විභාග ලකුණු 70%ක් හා මොඩ්‍යුලර් ලකුණු 30%ක් වශයෙන් සැලකුන ද ක්‍රමයෙන් එය 50%ක් දක්වා සමාන ලකුණු පරාසයකට ගෙන එන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වීමේ දී පාසල් පැමිණීම, රැඳී සිටීම සහ එදිනෙදා පන්තියේ වැඩ කිරීම අනිවාර්ය වීම හේතුවෙන් අමතර පන්ති යෑමට අවකාශයක් හෝ අවශ්‍යතාවක් පාසල් සිසුන්ට ඇති නොවන බව ද සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළා.

එමගින් දෙමාපියන්ට අනවශ්‍ය තරගයකට හසු වී අමතර පන්ති සඳහා දහස් ගණන් මුදල් වියදම් නොකර දරුවන්ගේ ආහාර පාන අවශ්‍යතා සඳහා එම මුදල් වැය කළ හැකි බවත් නිදහස් අධ්‍යාපනයේ මූලික අරමුණු මල්ඵල ගැන්වෙන්නේ එවැනි ක්‍රියාදාමයක් මගින් බව ද ඒ මහතා මෙහි දී ප්‍රකාශ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14