spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාසල් වලට ගුල්ලන් සහිත කඩල යවන්න හදලා

බගවන්තලාව ප්‍රදේශයේ පාසල් වලට කල් ඉකුත් වු ගුල්ලන් සහිත කඩල ,කවුපි සහ හබල පෙති අලෙවි කල වෙලදුන් රැසකට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතක පියවර ගැනිමට බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් (27) දින පියවර ගැනින.

මේ දින වල වතු ආශ්‍රිත දමිළ පාසල් වල සරස්වති පුජාව පැවැත්වෙන අතර , එම පුජාවන් සදහා බගවන්තලාව නගරයේ වෙලදසැල් වලින් සරස්වති පුජාවන්ට අවශ්‍යය පුජා භාණ්ඩ සහ කඩල ,කවුපි සහ හබල පෙති පාසල් වලින් මිලදි ගෙන ඇත.

එසේ මිලදි ගත් කඩල , කවුපි සහ හබල පෙති වල ගුල්ලන් සහිත බවට එම විදුහල් වල විදුහල්පතිවරුන් විසින් බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත පැමිණිලි කිරිමෙන් අනතුරුව එම කාර්යාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් (27) දින බගවන්තලාව නගරයේ  ආහාර ද්‍රව්‍යය තොග සහ සිල්ලර ට අලෙව කරන වෙලදසැල් රැසක් හදිසි පරික්ෂාවට ලක් කෙරිණ.

මෙම පරික්ෂාවේදි  ගුල්ලන් සහිත කඩල , කවුපි සහ හබල පෙති අලෙවි කිරිම සදහා තොග රැස් කර සිටි වෙලදුන් තිදෙනෙකුට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට බගවන්තලාව මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පියවර ගැනින.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?