රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් ලබන 25 වන සඳුදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ නැවත දැනුම්දෙන තුරු සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවලදී සිසුන් පාසල් වෙත කැඳවා ඉගැන්වීම් කටයුතු සිදුකරන බවයි.
බදාදා සහ සිකුරාදා යන දින දෙක තුළ සිසුන්ට නිවසේ සිට ඉගැනීමේ කටයුතුවල නිරතවිය හැකි ක්‍රියාකාරකම් ලබාදීම හෝ මාර්ග ගත ක්‍රමයට ඉගැන්වීමේ කටයුතු සිදුකිරීමට තීරණය කර ඇති බව ද එම අමාත්‍යාංශය දන්වා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
31




