පාසල් පෙළපොත් මුද්‍රණය හා බෙදාහැරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට ඩිජිටල් තාක්ෂණය

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ පාසල් පෙළපොත් මුද්‍රණය, බෙදාහැරීම සහ මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් පසුගිය වසරවල දී මතු වූ ගැටලු පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (COPA) කරුණු රැසක් අනාවරණය වුණා.

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ 2021 – 2024 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය සලකා බැලීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේ දී මෙම කරුණු අනාවරණය වී තිබෙනවා.

2002 වර්ෂයේ පාසල් පෙළපොත් මුද්‍රණයට අදාළව රුපියල් මිලියන 212කට ආසන්න මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පවරා තිබූ නඩුව සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, අදාළ මුද්‍රණ ආයතනය සහ එහි අධ්‍යක්ෂවරුන් සොයා ගැනීමට නොහැකි වී ඇති බවද මෙහිදී අනාවරණය වුණා.

එම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් ද විමර්ශන ක්‍රියාත්මක කරන බවත්, එයට වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් මෙහිදී අනාවරණය වුණා.

එසේම 2006 වර්ෂයේ දී පෙළපොත් නියමිත කාලයට සැපයීමට අපොහොසත් වූ මුද්‍රණ ආයතනයක් සම්බන්ධයෙන් වන්දි මුදල් අය කර ගැනීමේ නීතිමය ක්‍රියාමාර්ග ප්‍රමාද වීම සම්බන්ධයෙන් ද කාරක සභාවේදී අවධානය යොමු වුණා.

තව ද, පෙළපොත් අවශ්‍යතාව නිවැරදිව ගණනය නොකිරීම හේතුවෙන් අතිරික්ත පොත් තොග රැස් වීම සහ ප්‍රවාහන වියදම් ඉහළ යාම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා.

මෙවැනි ගැටලු නැවත ඇති වීම වැළැක්වීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සහ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් නව තාක්ෂණික හා පරිපාලනමය ක්‍රියාමාර්ග රැසක් මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින බව මෙහිදී පැමිණ සිටි නිලධාරීහු පෙන්වා දුන්නා.

ඒ අනුව, 2024 වර්ෂයේ සිට සියලු පාසල්වල ශිෂ්‍ය සංඛ්‍යාව, පවතින පෙළපොත් තොග සහ නැවත භාවිත කළ හැකි පොත් පිළිබඳ තොරතුරු සෘජුව ලබාගැනීම සඳහා නව පරිගණක දත්ත පද්ධතියක් හඳුන්වා දී ඇති බවත්, පෙළපොත් ප්‍රසම්පාදනය, ගබඩා කළමනාකරණය, බෙදාහැරීම සහ තොග පාලනය සඳහා ස්වයංක්‍රීය ඩිජිටල් පද්ධතියක් ක්‍රියාත්මක කර තිබෙන බවත් මෙහිදී නිලධාරීන් පැවසුවා.

මීට අමතරව, පොත් අලෙවිසල් ජාලගත කිරීම, පරිශීලක නාම හා මුරපද මගින් ආරක්ෂිත ප්‍රවේශ පද්ධති හඳුන්වා දීම, ගුණාත්මකභාවය තහවුරු කිරීම සඳහා විධිමත් පරීක්ෂණ ක්‍රමවේද හඳුන්වා දීම මෙන්ම ඊ-තක්සලාව කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය සමඟ යාවත්කාලීන කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතින බවද මෙහිදී සඳහන් වුණා.

මෙම පියවර මගින් පවතින දෝෂ හා මූල්‍ය අක්‍රමිකතා අවම කරමින්, පෙළපොත් මුද්‍රණය හා බෙදාහැරීමේ ක්‍රියාවලියේ විනිවිදභාවය, වගවීම සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14