පාසල් දැරියක් පැහැරගෙන ගොස් ඝාතනය කළ අපරාධකරුවා Missed Call එකකින් කොටු වූ හැටි

ඉන්දියාවේ දිල්ලි නුවර – නන්ග්ලොයි ප්‍රදේශයේ දී 11 හැවිරිදි දැරිය පැහැරගෙන ගොස් අමානුෂික අයුරින් ඝාතනය කළ සිද්ධියකට සම්බන්ධ සැකකරු මඟ හැරුණු දුරකථන ඇමතුමකින් (Missed Call) හසුකර ගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය පෙබරවාරි 09 වනදා උදෑසන පාසලට ගිය දැරිය අතරුදන්ව ඇති අතර, පසුව අයගේ මව්පියන් විසින් දැරියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

පැමිණිල්ල සිදුකරමින් මව පවසා ඇත්තේ තමන්ගේ දුරකථනයට නොහඳුනන අංකයකින් ඇමතුමක් ලැබී තිබූ බවයි.

දැරිය නිවසින් පිටත්ව ගිය පසු එදින පෙරවරුවේ දැරියගේ මවගේ දුරකථනයට මඟ හැරුණු ඇමතුම ලැබී ඇති අතර, ඇය නැවත එම අංකය ඇමතූ විට එම අංකය ක්‍රියා විරහිතකර තිබු බවයි වාර්තා වන්නේ.

දැරියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පසුගිය 10 වනදා ලද පැමිණිල්ලට අනුව විමර්ශන අරඹා ඇති පොලිසියට දැරියගේ මවට ආ මඟ හැරුණු දුරකථන ඇමතුම සම්බන්ධයෙන් සැකයක් මතුව තිබෙනවා.

එම දුරකථන අංකය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පැවැත් වූ පොලිසිය මධ්‍ය ප්‍රදේශ් හි වැටලීමක් සිදුකර එම අංකය හිමි තැනැත්තා අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුරුව දැරිය අතුරුදන්ව දින 12 කට පසු අත්අඩංගුවට ගැනුණු 21 හැවිරිදි රෝහිත් නැමැති තරුණයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී ඔහු සිදුකළ අපරාධය පාපොච්චාරණය කර තිබෙනවා.

පෙබරවාරි 09 වන දින තමන් දැරිය පැහැරගත් බවත් අනතුරුව ඇය ඝාතනය කළ බවටත් සැකකරු පපොච්ච්රණය කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුව පොලිසිය විසින් දැරියගේ නරක වූ සිරුර මුන්ඩ්කා ගම්මානයෙන් පසුගිය 21 වනදා සොයා ගෙන ඇති අතර,මෙම ඝාතනය පිටුපස ඇති අරමුණ කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

දැරිය ඝාතනයට පෙර ලිංගික අතවරයට ලක් වූවාද නැද්ද යන්න පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වනු ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ඉන්දීය පොලිසිය සඳහන් කළේ.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා පොලිස් භාරයේ රඳවා තබා ගැනීමට අවසර ලබාගෙන ඇති බවයි වාර්තා වුණේ.

විමර්ශනය අතරතුර, පොලිසිය විද්‍යුත් නිරීක්ෂණ හරහා ජංගම දුරකථන අංකය සොයා ගත් අතර පන්ජාබ් සහ මධ්‍ය ප්‍රදේශ් හි වැටලීම් සිදු කළේය. විත්තිකරු පෙබරවාරි 21 වන දින අල්ලා ගත් අතර, ප්‍රශ්න කිරීමේදී ඔහු අපරාධය පාපොච්චාරණය කර පෙබරවාරි 9 වන දින දැරිය ඝාතනය කර ඇගේ සිරුර Ghevra Mor අසල දමා ගිය බව හෙළි කළේය. පොලිසිය විසින් මුන්ඩ්කා ගම්මානයේ සිට නරක් වූ දැරියගේ සිරුර සොයා ගෙන ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුත්තලමේ දන්සැල් PHI ඇවිත් පරීක්ෂා කරයි - දන්සල් ඉතා ඉහල මට්ටමින් පවත්වගෙන යනවා
02:43
Video thumbnail
බලපත්‍ර නොමැතිව තේක්ක දැව ප්‍රවාහනය කළ ලොරියක් කොටුවෙයි..සැකකරු ලොරිය දමා පලා ගිහින්
02:08
Video thumbnail
මාවතගමින් හමුවූ අමුතු දන්සල..ත්‍රීරෝද රථවල රෝද තුනට ග්‍රීස් නිපල් ගැනීමේ දන්සල
03:12
Video thumbnail
ගොවීන්ට රතු කට්ට පනියි..ජනාධිපති මන්දිරවල හරි වී ටික ගබඩා කරන්න - ඔය ටිකිරි මොළේට තේරෙන්නේ නැද්ද ?
07:27
Video thumbnail
කුකුළු අපද්‍රව්‍ය මහවැලි ගඟට මුදාහැරපු ඩබලක් පොලිසියට කොටුවෙයි
00:54
Video thumbnail
වාද්දුවේ දුන්න ෆ්‍රයිඩ් රයිස්, ආප්ප, කොත්තු දන්සල..මහ සෙනඟක් දන්සලට එන හැටි
01:59
Video thumbnail
මල්ල පිරෙන්න එළවළු දුන්න බණ්ඩාරවෙල සුපිරි දන්සල
01:10
Video thumbnail
හිත පිරෙන්න, මල්ල පිරෙන්න එළවළු දුන්න බණ්ඩාරවෙල සුපිරි දන්සල..මිනිස්සු දිගු පෝළිම්වල
02:04
Video thumbnail
අලව්වට ආ නාමල්ට මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - නාමල් දැක්ක ගමන් මිනිස්සු වදියි
01:12
Video thumbnail
88 අමතක කරලා..අනේ රණවිරුවත් පිළිගන්න - පොලිසිය, හමුදාව එක්ක ආණ්ඩුවට ලොකු ඇරියස් එකක් තියෙනවා
03:01