පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරගැනීම ගැන දැනුම්දීමක්

සියලු‍ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාශය විශේෂ නිවේදනය නිකුත්කර තිබෙනවා.

ඒ, අනුව අධ්‍යාපන අමාත්‍යාශය දැනුම් දෙන්නේ ක්‍රීඩා කුසලතා පදනම් කරගෙන අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත්කර ගැනීමක් සිදු නොකරන බවයි.

ඉදිරියේ දී අදාළ චක්‍රලේඛයේ සඳහන් උපදෙස් පමණක් සැලකිල්ලට ගෙන අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා බවයි එම අමාත්‍යාශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට අවශ්‍ය උපදෙස් නිකුත් කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
6
+1
3
+1
0
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?