spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාලන මිලට වඩා සීනි අලෙවිය බැහැ – බද්ද ගැසූ හේතුව ඇමති කියයි

සීනි අලෙවි කළ යුත්තේ පාලන මිලට පමණක් බවත්, එම මිල ඉක්මවා සීනි අලෙවි කරන්නන් සොයා ඔවුන් නීතියේ රැහැනට හසුකර ගැනීම පාරිභෝගික සේවා අධිකාරීය විසින් සිදුකළ යුතු බවත්, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඊයේ (06) දහවල් රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් පසු මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහි දී අමාත්‍යවරයා සඳහන් කළේ රාජ්‍ය ආදායම් අවශ්‍යතාවය අනුව සීනි සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පැනවූව ද, රටේ තිබෙන සීනි තොගවල මිල ඉහළ යාම වැළක්වීම සඳහා සීනිවලට උපරිම සිල්ලර මිලක් නියම කළ බවයි.

එමෙන්ම වෙනදා මෙන් නොව මෙවර පැකට් කළ සීනි සඳහා ද එම උපරිම සිල්ලර බලපැවැත්වෙන බවත්, කිසිවෙකුටත් අයුතු ලාභයක් ලැබීමට ඉඩ ලබදෙනේනේ නැති බවත් අවධාරණය කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?