පාරිභෝගිකයාට ලබා දීමට වහා අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා මිල පාලනයක් ඇති කරන්න – ජානිප ඉල්ලයි

සීනි, තිරිඟු පිටි, කිරි පිටි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයන් සඳහා රජය ලබා දුන් බදු සහනවල වාසිය පාරිභෝගිකයාට ලබා දීමට වහා එම භාණ්ඩ සඳහා මිල පාලනයක් ඇති කරන ලෙසත් ලබා දුන් එකී බදු සහනයේ වාසිය ගසාකෑ ජාවාරම්කරුවන්ගෙන් එම මුදල් යළි අය කරගෙන සමෘද්ධි සහනාධාරය දෙගුණ කරන ලෙසත් ජානිපෙ ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

ජයන්ත සමරවීර මහතා මේ අදහස් පළ කළේ අද (23) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයන්ත සමරවීර රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද සඳහන් කර සිටියා.

අද අපි කොයි කවුරුත් දන්නවා අපේ රටේ ජනයා දරා ගත නොහැකි උසුලන්න බැරි ජීවන බරකින් තැලී පොඩිවී මිරිකී ජීවත් වන බව. තුන්වේල කාපු මිනිස්සු දෙවේලට, දෙවේල කාපු මිනිස්සු එක වේලට තමන්ගෙ ජීවිතේ හකුළාගෙන තියෙනවා. මේ තත්ත්වයෙන් පාරිභෝගික ජනයා ගලවාගැනීම පිණිස අපේ රජය එක වෙලාවක ඇතැම් පාරිභෝගික භාණ්ඩ සඳහා, විශේෂයෙන් ආනයනික පාරිභෝගික භාණ්ඩ සඳහා බදු සහන ලබාදුන්නා. අපි කවුරුත් දන්නවා මේ බදු සහන ලබාදීමේදී ආණ්ඩුවේ උවමනාව වුණේ එහි වාසිය ජනතාවට පෙරළා ලබාදීම. බදු සහනයේ වාසිය ජනතාවට ලැබෙයි කියන විශ්වාසය මත තමයි ආණ්ඩුව එහෙම කෙරුවේ.

නමුත්, දැන් වෙලා තියෙන්නේ බදු සහන වාසිය පාරිභෝගික ජනතාවට ලැබෙනවා වෙනුවට, මේ ජීවන බරින් මිරිකී සිටින කෝටි දෙකකට අධික ජනතාවට ලැබෙනවා වෙනුවට ජාවාරම්කාර අතලොස්සක් අතට පත්වීම.

අපි දන්නවා අපේ රටේ සීනි කිලෝවක මිල රුපියල් 85ට තිබුණා 2020 ඔක්තෝබර් මාසෙ වෙනකොට. ඒ වෙලාවෙ ඉන්දියාවෙ සීනි මිල අඩු වුණා. කවුරුත් දන්නවා අපි වැඩියෙන්ම සීනි ආනයනය කරන්නෙ ඉන්දියාවෙන්. ඉන්දියාවෙ ඩොලර් ශත 40ට තිබුණ සීනි මිල ඩොලර් ශත 30 වුණ වෙලාවේ, එහෙම තත්ත්වයක් වෙළෙඳපොළ තුළ පවතිද්දි මෙරට සීනි ආනයනකරුවො කියනවා, සීනි 85ට දෙන්න හැකියාවක් නැහැයි කියලා. මේ වෙලාවෙ ආණ්ඩුව එතෙක් රුපියල් 50කට තිබුණ ආනයන බද්ද කිලෝ එකකට ශත 25 දක්වා අඩු කරනවා.

ඒ කියන්නෙ එක සීනි කිලෝ එකකට රුපියල් හතළිස්නවයයි ශත හැත්තෑපහක බදු සහනයක්. මේකෙන් බලාපොරොත්තු වුනේ රුපියල් 85ක මුදල ඒ ආකාරයටම පවත්වාගැනීම.

හැබැයි, මොකක්ද වුණේ? මේ බදු සහනය අවුරුද්දකට සම්පූර්ණයෙන් රුපියල් මිලියන 15000ක්. අවුරුද්දකට ලංකාවට සීනි මෙට්‍රික් ටොන් ලක්ෂ පහක් ආනයනය කරනවා. දැන් ආණ්ඩුව අතහැරපු මේ බදුවල වටිනාකම ජනතාව වෙත ගලා ආවාද ? නැහැ. සාමාන්‍යයෙන් රටේ සමෘද්ධි ආධාර දෙන්න අවුරුද්දකට යන්නෙත් මිලියන 15000යි. ඒ වාසිය ජනතාවට ආවානම් අපිට සීනි රුපියල් 85ට ගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් කීයද සීනි කිලෝ එකක්. සතොස සුදු සීනි කිලෝ එකක් රුපියල් 130යි. පෞද්ගලික අංශයේ සුදු සීනි කිලෝ එකක් රුපියල් 140යි. බදු සහනයක් දුන්නා 85ට ගන්න. දැන් ගන්න වෙලා තියෙන්නෙ 140ට. බදු සහනෙ වාසිය ගත්තෙ කවුද වෙළෙන්දා.

ආහාර සඳහා අවශ්‍ය කරන තෙල් වර්ග සඳහා කිලෝ එකට රුපියල් 170ක බදු සහනයක් දීලා තියනවා. නමුත් මිල අඩුවීමක් වෙලා නැහැ.
ඒකෙන් රජය අතහැරපු බදු ආදායම රුපියල් මිලියන 20000ක්.

ඒ වගේම සහල් කිලෝ එකකට දැන් දීලා තියෙනවා රුපියල් 64ක බදු සහනයක්. පාරිභෝගිකයන්ට ලාබෙට හාල් ලැබෙනවද ? නැහැ.
ලංකාවට මාස තුනකට හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ පහක් විතර සාමාන්‍යයෙන් ඕනෙ. ඒ කියන්නෙ මාස තුනකට රජයට අහිමි වන බදු ආදායම, පාරිභෝගිකයන්ට සහන සැලසීම පිණිස රජය අතහැරපු බදු ආදායම රුපියල් මිලියන තුන්දහස්දෙසීයක්. පාරිභෝගිකයන්ට ඒ වාසිය ඇවිල්ල තියෙනවාද? නැහැ.

ඒ විතරක් නොවෙයි, ආනයනික තිරිඟු පිටි කිලෝ එකකට රුපියල් 28ක මුදලක් බදුවලින් අඩු කරලා දැම්මා. සාමාන්‍යයෙන් ඒ හරහා රටට අහිමි වෙනවා, රුපියල් මිලියන පන්දහස් හතළිහක්.

මේ මොකක්ද වෙන්නේ? පාරිභෝගිකයාගෙ ජීවන බර සැහැල්ලු කිරීම සඳහා රජය ලබාදෙන බදු සහනවල සහනය පාරිභෝගිකයන්ට ලැබෙනවා වෙනුවට, ඒ වාසිය ජාවාරම්කාරයන් පිරිසක් අතට යන එක.

සීනි ආනයනකරුවන්ට සීනි කිලෝ එකකට රුපියල් හතළිස්නවයයි ශත හැත්තෑපහක බදු සහනයක් දෙද්දි, ඒ වනවිටත් වරායෙ ගුදම්වල සීනි තිබුණා කිලෝ ලක්ෂ ගාණක්. ඒ විතරක් නොවෙයි, තවත් සීනි නැව් වරායට ළඟාවෙලා තිබුණා. ප්‍රමාණයක් නැව්වල, ප්‍රමාණයක් ගුදම්වල. එහෙම තියෙද්දි තමයි රුපියල් පනහෙ බද්ද ශත විසිපහට අඩු කෙරුවේ. ඒ වෙනකොට මුළු අවුරුද්දටම ඇති වෙන්න සීනි ගෙන්නලා. තාම තියෙන්නෙ ඒ සීනි.

බදු සහනෙ අරගෙන දැන් රුපියල් එකසිය හතළිහට විකුණනවා. ජාවාරම්කාරයන්ගෙ මඩිය තරවෙනවා. රජයට අහිමි වුණු බදු ආදායම රුපියල් මිලියන 15000යි. මහබැංකු වංචාවෙනුත් අහිමි වුණා කියන්නෙ රුපියල් මිලියන 12000යි.

බදු සහනයක් දෙද්දි ඒත් එක්කම එන දේ තමයි මිල පාලනය. දැන් මොකද වෙලා තියෙන්නේ? බදු සහන දෙන ගමන් මිල පාලනය අත අරිනවා.
වෙළෙඳපොළ තුළ පාවෙන්න අරිනවා. ඔහේ පාවෙන්න අරිනවානම් බදු සහන දෙන්න ඕන නෑනෙ. බදු සහනත් දීලා ජනතාවට සීනි වැඩි මිලට කන්න වෙලා. බදු සහනත් දීලා ජනතාවට හාල් වැඩි මිලට කන්න වෙලා.

2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු අධිකාරි පනත අනුව මිල පාලනය කරන්න පුළුවන්. පාරිභෝගික කටයුතු අමාත්‍යාංශයෙන්, මුදල් අමාත්‍යාංශයෙන් අපි ඉල්ලීමක් කරනවා, ‘අන්ත අසරණභාවයට පත්වෙලා ඉන්න, කුසය අකුලාගෙන ඉන්න පාරිභෝගිකයාට සහනයක් ගේන්නනම් මිල පාලනය වහා ගේන්න. නොමැරී මැරෙමින් ඉන්න මිනිස්සු වෙනුවෙන්, බදු සහන දෙන භාණ්ඩ වෙනුවෙන්, සීනි, කිරිපිටි, හාල් ආදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙනුවෙන් මිල පාලනය ඇති කරන්න. පාරිභෝගික ආරක්ෂණ විධිවිධාන අනුව වහාම මිල පාලනයක් ගේන්න. මේ බදු සහනවල වාසිය ජාවාරම්කාරයන් අතට පත් නොකර ජනතාවට දෙන්න’ කියලා.

ඊළඟට අපි ඉල්ලනවා, ‘මේ සීනි බදු වංචාව, මේක පොඩි එකක් නොවෙයි. මේක සාක්කුවට දාගත්ත වංචාකාරයන්ගෙන් මේක අයකරගන්න. ඒ කරලා ඒකෙන් සමෘද්ධි ආධාර වැඩි කරන්න 2022ට’ කියලා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළිවෙයි ? මෙහෙම කළොත් හොරණ - කොළඹ පාර යටවෙනවා
18:12
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34