spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉන්ධන නිකුත් කිරීම පොලිස් ප්‍රවාහන කොට්ඨාශයෙන්

මේ වනවිට රට තුළ පවතින තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට නාරාහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාශයේ ඇති ඉන්ධන පිරවුම්හල මඟින් ඉන්ධන නිකුත් කරන ලෙස කථානායකවරයා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

අත්පිට මුදල් පදනම මත මෙලෙස ඉන්ධන නිකුත්කර ලෙසයි කථානායකවරයා ඉල්ලා ඇත්තේ.

ඒ, අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ඛනිජතෙල් සංස්ථාව මඟින් පොලිස් ප්‍රවාහන කොට්ඨාශය වෙත ලබාදෙන අතර ඉන්ධන නිකුත් කිරීමේ දී අයකරනු ලබන මුදල් ලබාගැනීම සඳහා ඛනිජතෙල් සංස්ථාවේ නිලධාරියෙකු ද එම ස්ථානයට අනියුක්ත කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා දැනුම් දී තිබෙනවා.

ඉන්ධන ලබාදෙන අවස්ථාවේ දී අදාල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එම රථයේ සිටිය යුතු අතර අත්පිට මුදලට පමණක් එහිදී ඉන්ධන නිකුත් කිරීම සිදුකරන ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?