spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාර්ලිමේන්තු ඇතුළත මාර්ගවල අධික වේගයෙන් වාහන ධාවනය බෑ

පාර්ලිමේන්තුව පිහිටි භුමියේ ඇතුළත මාර්ගවල වාහන ධාවනයේ දී පැයට කිලෝමීටර 40ට අඩු වේගයක් පවත්වා ගෙන යන ලෙස වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු උපදෙස් ලබා දී තිබෙනවා.

මෙලෙස වාහන අධික වේගයෙන් ධාවනය කිරීමේ දී දියවන්නාව තෙත්බිම් කලාපයේ වෙසෙන පක්ෂීන්ට, පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණෙන පාසල් දරුවන්ට අනතුරු සිදුවිය හැකි බැවින් මෙම උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

ඇතැම් වාහන පාර්ලිමේන්තුව ඇතුළත මාර්ගවල අධික වේගයෙන් ධාවනය කරන බවට තමා වෙත තොරතුරු වාර්තා වී ඇති බව ද වේත්‍රධාරීවරයා සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?