spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාර්ලිමේන්තුව වීඩියෝ කළ තරුණයින් දෙකක් අත්අඩංගුවට

පාර්ලිමේන්තුව සහ ඒ අවට වීඩියෝ දර්ශන ගත කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසනවා.

මෙම සැකකරුවන් දෙදෙනා ජංගම දුරකථනයෙන් ඇමතුම් ලබා ගන්න මුවාවෙන් පාර්ලිමේන්තුව වීඩියෝ දර්ශන කිරීමේ දී පාර්ලිමේන්තු කොට්ඨාශයට අයත් පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තලංගම පොලිසියට භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දි ගීතයක රූප රචනයකට අවශ්‍ය දර්ශන ගැනීම සඳහා පැමිණි බවටයි ප්‍රකාශ කර ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මහනුවර, මහයියාව සහ යාපනය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන් වයස අවුරුදු 22 හා 31 යන වයස්වල පසුවන්නන්.

තලංගම පොලීසියේ නිලධාරීන් පිරිසක් සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?