පාර්ලිමේන්තුව වීඩියෝ කළ තරුණයින් දෙකක් අත්අඩංගුවට

පාර්ලිමේන්තුව සහ ඒ අවට වීඩියෝ දර්ශන ගත කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසනවා.

මෙම සැකකරුවන් දෙදෙනා ජංගම දුරකථනයෙන් ඇමතුම් ලබා ගන්න මුවාවෙන් පාර්ලිමේන්තුව වීඩියෝ දර්ශන කිරීමේ දී පාර්ලිමේන්තු කොට්ඨාශයට අයත් පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තලංගම පොලිසියට භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දි ගීතයක රූප රචනයකට අවශ්‍ය දර්ශන ගැනීම සඳහා පැමිණි බවටයි ප්‍රකාශ කර ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මහනුවර, මහයියාව සහ යාපනය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන් වයස අවුරුදු 22 හා 31 යන වයස්වල පසුවන්නන්.

තලංගම පොලීසියේ නිලධාරීන් පිරිසක් සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32