spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාර්ලිමේන්තුව නව සැසිවාරය සඳහා විවෘත කිරීම ලබන 07 වනදා

පාර්ලිමේන්තුවේ පස්වන සැසිවාරය ලබන 07 වනදා උදේ 10.30ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උත්සවාකාරයෙන් විවෘත කෙරෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එදින පාර්ලිමේන්තුව විවෘත කිරීමෙන් පසු ජනාධිපතිවරයා විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතයි.

එම ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය ලබන 08 සහ 09 උදෑසන 9.30 සිට සවස 5.30 දක්වා පැවැත්වීමට අද (01) රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.

මේ අතර පාර්ලිමේන්තුව විවෘත කෙරෙන ලබන 07 වනදා එහි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?