AFC Banner
Empty Ad
Empty Ad

පාර්ලිමේන්තුව තුළ ඉදිරියේදී බොහෝ වෙනස්කම් සිදුවේවි

ඉදිරියේදී පාර්ලිමේන්තුවේ බොහෝ වෙනස්කම් විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පවසනවා. අද පෙරවරුවේ කථානායකවරා සමග පැවති පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනුයි මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ.

සර්ව පාක්ෂික රජයක් බිහි කිරීමෙන් අනතුරුව කතානායකවරයා වෙනස්වන්නේදැයි මාධ්‍යවේදීන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමින් මහින්ද අමරවීර මහතා මේබව කියා සිටියා.

කෙසේවෙතත් සර්ව පාක්ෂික රජයක් නිර්මාණය කළ ද වර්තමානයේ ජනතාව මුහුණ දෙන ගැටලුවලට ක්ෂණික විසඳුම්නො ලැබෙන බවයි ඔහු පෙන්වා දුන්නේ. සර්ව පාක්ෂික රජයක් නිර්මාණය කරන්නේ නම් ඊට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ එක්විය යුතු බව ද මහින්ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

මේ අතර විදුලි බිල වැඩි වීම සම්බන්ධයෙන් අද පැවති පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡාවට ලක්වූ බව මහින්ද අමරවීර කියාසිටියා.

මෙම අවස්ථාවේ විදුලි බිල වැඩිවීම ජනතාවට එය අසීරුතාවක් වුව ද විදුලි බල මණ්ඩලයට ද මේ අවස්ථාවේ පාඩුවක් සිදුවන බවයි ඔහු පෙන්වා දුන්නේ.

මේ අතර පක්ෂ 11 මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ හමුවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිත අතර හෙට ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාව සදහා සහභාගි වීම සම්බන්ධයෙන් එහිදී තීරණය කරන බවද මහින්ද අමරවීර මහතා අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?