පාර්ලිමේන්තුව ජූනි 6 සිට 9 දක්වා රැස්වෙයි

එළඹෙන පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය කළ බව පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පවසනවා.

මේ අනුව ජූනි 7 වැනි බදාදා හැර අන් සෑම දිනකම පෙරවරු 9.30 – පෙරවරු 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහායි වෙන් කර ඇත්තේ.

ජූනි 6 අඟහරුවාදා පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා සිවිල් ගුවන් සේවා පනත යටතේ අංක 2303/18 සහ 2304/46 දරන ගැසට් පත්‍රවල පළකළ නියෝග, වෙළද නැව් පනත යටතේ අංක 2261/49, 2261/50, 2261/51 ඇතුළු ගැසට් පත්‍රවල සදහන් නියෝග 13 ක්, නැව් නියෝජිතයන්ට, නැව් බඩු ගෙන යන්නන්ට, යාත්‍රා ක්‍රියාකරුවන් නොවන පොදු ප්‍රවාහකයන්ට සහ කන්ටේනර් මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබා දීමේ පනත යටතේ 2287/24 ගැසට් පත්‍රයේ සදහන් නියෝග විවාදයට ගැනීමට නියමිත බව මහලේකම්වරිය සඳහන් කළා.

ඉන්පසු පස්වරු 5.00 සිට 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවට අනුව විවාදය පැවැත් වෙනවා.

ජූනි 7 වැනි බදාදා පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන “කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර ඇතුළු ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය මුහුණ පාන ගැටලු” පිළිබද සභාව කල්තැබීමේ යෝජනාවට අනුව විවාදය පැවැත්වීමටයි මෙහිදී තීරණය වී ඇත්තේ.

ජූනි 8 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත, 2021 අංක 30 දරන විසර්ජන පනත යටතේ යෝජනා සම්මතය, වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ නියෝග, (351 අධිකාරය වූ) ආගාමික හා විගාමික පනත යටතේ නියෝග විවාද කිරීමට එකඟත්වය පළවී තිබෙනවා.

අනතුරුව පස්වරු 5.00 ට පමණ විවිධ ව්‍යවස්ථාපිත ආයතනයන්හි වාර්ෂික වාර්තා සම්බන්ධ යෝජනා හතක් විවාදයකින් තොරව අනුමත කිරීමට ද නියමිතයි.

එසේම “රට තුළ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කර මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳව කරුණු සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව” පත්කිරීම සඳහා වූ යෝජනාව ද මෙහිදී ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

අනතුරුව පස්වරු 5.00 සිට 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවට අනුව විවාදය පැවැවෙනු ඇති.

ජූලි 9 වැනි සිකුරාදා පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා පෞද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා ඉදිරිපත් කිරීමට ද මෙහිදී තීරණය වී තිබෙනවා.

ඒ අනුව ‘රජයේ සියලු ආයතන රජය සතු ගොඩනැගිලිවල ස්ථානගත කිරීම’ සම්බ්න්ධයෙන් චමින්ද විජේසිරි මහතාගේ යෝජනාව, ‘වගා හානි සිදු කරන රිලවුන් ගහනය පාලනය කිරීම’ සම්බන්ධයෙන් නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ යෝජනාව, ‘සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සවිබල ගැන්වීම’ සම්බන්ධව ගරු කිංස් නෙල්සන් මහතාගේ යෝජනාව සහ ‘දරුවන්ගේ ‍සෞඛ්‍ය අධ්‍යාපනය සම්බන්ධ වැඩසටහනක් පාසල් මට්ටමින් ප්‍රචලිත කිරීම’ පිළිබඳ ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මියගේ යෝජනාව මෙසේ විවාදයට ගැනීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17