පාප් වහන්සේ බැහැදැකීමට කාදිනල් හිමි වතිකානුවට

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ පරීක්ෂණවල වත්මන් තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීම සඳහා අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (28) පෙරවරුවේ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ බැහැදැකීමට නියමිතය.

එම හමුව එරට වේලාවෙන් පෙරවරු 11ට වතිකානයේ සාන්ත පීතර චතුරස්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ බැහැදැකීම සඳහා අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වතිකානය බලා පිටත්ව ගියේ ඉකුත් 23 වනදා රාත්‍රීයේදීය.

2019 වසරේ පාස්කු ඉරුදින එල්ලකළ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සිදුකෙරෙන විමර්ශන සම්බන්ධ වත්මන් තත්ත්වයත්, ඒ පිළිබඳ අගරදගුරු හිමිපාණන් ප්‍රමුඛ මෙරට කතෝලික සභාවේ ස්ථාවරයත් පාප්වහන්සේගේ අවධානයට යොමු කිරීමට නියමිත බව වාර්තා වෙයි.

මේ අතර අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ වතිකාන සංචාරයට සමගාමිව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය ඉල්ලා සංවිධානය කළ විශේෂ යැදුම් වැඩසටහනක් ඊයේ (27) වතිකානයේ සාන්ත පීතර චතුරස්‍රයේදී පැවැත්වුණි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ යුක්තිය සඳහා වූ ගෝලිය සංසදය, එම වැඩසටහන සංවිධානය කර තිබු අතර ඊට යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් එක්ව සිටි බව වර්තා වෙයි.

Cardinal Ranjith promised Pope's solidarity - Ceylon Today
Pope accepts invitation to visit Sri Lanka - News report reveals
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජපක්ෂ දඩයමක් මේ පටන්අරන් තියෙන්නේ
06:39
Video thumbnail
කථානායකට වැඩ වරදියි ? පැටිකිරිය දයාසිරි හෙළිකරයි
00:46
Video thumbnail
රාජපක්ෂලා කරපු වැරදිවලට අද ආණ්ඩුවේ ඉන්න අයත් කොටස්කාරයෝ
01:21
Video thumbnail
අවු:7ක් මට මේක තහනම් කලාපයක් වෙලා තිබ්බේ..හිටපු විගණකාධිපති සැරටම කිව්ව දේ
09:09
Video thumbnail
කාදිනල් හිමිගෙන් සැර කතාවක්..සල්ලිකාරයොන්ට වෙනම නීතියක් බෑ..මුතුරාජවෙලට අත තියන්න හිතන්නවත් එපා
08:51
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගුරුවරුන්ගේ විරෝධතාවය අවසන්
02:09
Video thumbnail
නව විගණකාධිපතිනි කට්ටියගෙ අත්පොළසන් මැද කිව්ව සුපිරි කතාව.. අපි හැමෝම සතුටින් ජීවත් වෙමු
04:53
Video thumbnail
කල්පිටියේ රු:25000 ගෙවනවට විරුද්ධව පැමිණිල්ලක්..මිලියන ගාණක මුදල් අවභාවිතා වෙලා
04:32
Video thumbnail
සිංහල මිනිස්සු වෙනුවෙන් පෙනීසිටින්න නාමල්ට අයිතියක් නෑ
10:35
Video thumbnail
කථානායකට වැඩ වරදියි ? පැටිකිරිය දයාසිරි හෙළිකරයි..මට නඩු දාන්න කියන්න..දාන්න කියන්න
06:22


?