AFC Banner
Empty Ad
Empty Ad

පාප් වහන්සේ බැහැදැකීමට කාදිනල් හිමි වතිකානුවට

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ පරීක්ෂණවල වත්මන් තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීම සඳහා අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (28) පෙරවරුවේ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ බැහැදැකීමට නියමිතය.

එම හමුව එරට වේලාවෙන් පෙරවරු 11ට වතිකානයේ සාන්ත පීතර චතුරස්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ බැහැදැකීම සඳහා අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වතිකානය බලා පිටත්ව ගියේ ඉකුත් 23 වනදා රාත්‍රීයේදීය.

2019 වසරේ පාස්කු ඉරුදින එල්ලකළ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සිදුකෙරෙන විමර්ශන සම්බන්ධ වත්මන් තත්ත්වයත්, ඒ පිළිබඳ අගරදගුරු හිමිපාණන් ප්‍රමුඛ මෙරට කතෝලික සභාවේ ස්ථාවරයත් පාප්වහන්සේගේ අවධානයට යොමු කිරීමට නියමිත බව වාර්තා වෙයි.

මේ අතර අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ වතිකාන සංචාරයට සමගාමිව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය ඉල්ලා සංවිධානය කළ විශේෂ යැදුම් වැඩසටහනක් ඊයේ (27) වතිකානයේ සාන්ත පීතර චතුරස්‍රයේදී පැවැත්වුණි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ යුක්තිය සඳහා වූ ගෝලිය සංසදය, එම වැඩසටහන සංවිධානය කර තිබු අතර ඊට යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් එක්ව සිටි බව වර්තා වෙයි.

Cardinal Ranjith promised Pope's solidarity - Ceylon Today
Pope accepts invitation to visit Sri Lanka - News report reveals
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48
Video thumbnail
AKDට නුගේගොඩ විජයග්‍රාහී අවසන් මහ රැළියේදී උණුසුම් පිළිගැනීමක් #akd #npp #anurakumaradissanayake
01:56

?