පාන් ගෙඩියක් රුපියල් විස්සකින් මිල නගී

අද (12) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක බරකින් යුත් පාන් ගෙඩියක මිල රුපියල් 20කින් ඉහළ දමන බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

මේ අතර අනෙකුත් බේකරි නිෂ්පාදනවල ද මිල රුපියල් 10කින් ඉහළ දමන බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.