පානදුර, අලුබෝමුල්ල පොලිස් වසමේ සඳගලවත්ත ප්‍රදේශයේ වෙළෙඳසැලකට අද (06) පෙරවරුවේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබුණා.
මෙම වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටවත් හානියක් සිදුව නැහැ.
මත්ද්‍රව්‍ය ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් අදාළ වෙළඳසැලට පැමිණ මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර පලාගොස් තිබුණා.
වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ දී වෙළඳසැල තුළ කාන්තාවක් සිට ඇති අතර, වෙඩික්කරු විසින් වෙළඳසැලේ ශීතකරණයට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.
මේ අතර වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරුවන් විසින් දමා ගිය බවට සැකකෙරෙන තර්ජනාත්මක ලිපියක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
අදාළ ලිපිය පහතින්.







