පානදුර, පින්වත්ත ප්‍රදේශයේ අද (28) උදෑසන සිදු වූ වෙඩිතැබීමකින් මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මියගිය පුද්ගලයා කඩවත ප්‍රදේශයේ පදිංචි සම්පත් කුඩාගොඩ නමැති ව්‍යාපාරිකයෙකු බවට හඳුනාගෙන තිබෙනවා.
මෙම පුද්ගලයා පින්වත් – ටිඩිමන් සිල්වා මාවතේ නිවසක් ඉදිකරමින් පවතින බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.
මොහු දරුවන් පාසලට ඇරලවා පින්වත්තේ නිවස වෙත එමින් සිටිය දී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
පානදුර දකුණ පොලිසිය, පානදුර කොටස් අපරාධ විමර්ශන අංශය ඇතුළු පොලිස් කණ්ඩායම් රැසක් මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනු ලබනවා.

















