පානදුරේදී සිදුකළ කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනයට දෙදෙනෙක් පොලිස් දැලේ (ඡායාරූප)

සුඛෝපභෝගී ජීප් රථයකින් ගමන් කරමින් සිටි කෝටිපති ව්‍යාපාරිකයකුට පානදුර – ටී. ඩීමන් සිල්වා මාවතේ දී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි පුද්ගලයන් දෙදෙනෙක් අද (05) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර අපරාධ කොට්ඨාසය විසින් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

එහිදී වෙඩි තැබීමට යොදාගත් බව කියන පිස්තෝල වර්ගයේ ගිනි අවිය සහ උණ්ඩ 08ක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

තෙලිකඩ පොලිස් වසමේ ගිනිමැල්ලගහ ප්‍රදේශයේ දී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් එම ප්‍රදේශයේ ම පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

අවුරුදු 34 හා 40 යන වයස්වල පසුවන මෙම සැකකරුවන් ඝාතනය සඳහා පැමිණි යතුරුපැදිය වාද්දුව, වේරගම ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයා ගනු ලැබුවේ ඝාතනය සිදු වූ දිනයි.

පසුගිය පෙබරවාරි 28 වන දින උදෑසන කාලය දී වෙඩිතැබීම සිදුකර මෙම ඝාතනය සිදුකර තිබුණා.

එහිදී සම්පත් කුඩාගොඩ නැමැති 56 හැවිරිදි බංගලාවත්ත, කිරිල්ලවල ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙක් සුඛෝපභෝගී ජීප් රථය තුළදීම ඝාතනයට ලක් වුණා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර පැය 48 ක කාලයකට රඳවා ගැනීම නියෝග ලබාගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56