පානදුරදී දුම්රියට නැගීමට ගිය තරුණයෙකු ඇද වැටී තුවාල ලබයි

පානදුර දුම්රිය ස්ථානයේදී දුම්රියට නැගීමට ගිය තරුණයෙකු ඉන් ඇද වැටී තුවාල ලබා තිබෙනවා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ පානදුර කුරුස හන්දිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

ඔහු අද පෙරවරුවේ පානදුර දුම්රිය ස්ථානයේදී රුහුණු කුමාරි දුම්රියට නැගීමට ගිය අවස්ථාවේ දුම්රිය වේදිකාව සහ දුම්රිය අතරට ඇද වැටී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එම ස්ථානයේ සිටි ත්‍රී රෝද රථ රියදුරෙකු මෙම සිද්ධිය දැක තුවාල ලැබූ තරුණයා පානදුර මූලික රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම තරුණයාගේ පාදයකට තුවාල සිදුවී ඇති බවයි. පානදුර දකුණ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනවා.