පාඨලීගෙන් නව පක්ෂයක් (වීඩියෝ)

එක්සත් ජනරජ පෙරමුණ නමින් ලබන මැයි මාසයේදී නව දේශපාලන පක්ෂයක් පිහිටුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ රට බංකොලොත් භාවයෙන් මුදා ගැනීමට කුසලතාවය මත පදනම් වූ දේශපාලන පක්ෂයක් අවශ්‍ය බවයි.

පවුල්වල උරුමයෙන් සිදු වන දේශපලානයට තිත තැබිය යුතු අතර මුදල්වලින් මනාප ලබා ගන්නා ක්‍රමවේදය ද වෙනස් විය යුතු බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.

සමාජවාදී, ධනවාදී වැනි යල් පැනගිය දෘෂ්ඨීන් වෙනුවට නව දෘෂ්ඨියක් මත රට ඉදිරියට ගෙන යාමට දේශපාලන පක්ෂයක් අවශ්‍ය බව පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දෙනවා.

නව පක්ෂය සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් සමග මෙන්ම විවිධ කණ්ඩායම් සමග මේවන විට සාකච්ඡා කෙරෙමින් පවතින අතර පක්ෂයට එක්වන පිරිස් පිළිබඳ මැයි මාසයේදී දැන ගැනීමට හැකිවනු ඇති බවයි ඔහු සඳහන් කළේ.

https://www.youtube.com/watch?v=g1xSQM9iv_s


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගවිනිසුරුතුමා ආණ්ඩුවට ටොක්කක් දුන්නා
02:31
Video thumbnail
22 සම්බන්ධ පෙත්සම් විභාගයෙන් පසු සජිත් කිව්ව දේ - එක පක්ෂයක් රාජ්‍ය පාලනය කරන ක්‍රමයක් හදන්නේ
12:11
Video thumbnail
ව්‍යවස්ථාවට අදාළ පෙත්සම් විභාගය ආරම්භ කළා
00:59
Video thumbnail
විදුලි සහ ජල කප්පාදුවක් ඉදිරියේදී ?එල්නිනෝ තත්ත්වය ඉස්සරහට තවත් දරුණු වෙන්න පුළුවන්
04:30
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
03:03
Video thumbnail
ලංකාවට අනවසරයෙන් ඇවිත් හැංගිමුත්තන් කරන ඉරාන නැව් - මැදපෙරදිග යුද්දයට ලංකාවත් හවුල් වෙයිද ?
03:24
Video thumbnail
කිඹුලෙකුට ගොඳුරු වූ තරුණයා - නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:47
Video thumbnail
නීතිඥ සංගමය, වෘත්තීය සංගම් අලුත් කඩේ අධිකරණය වටලයි - අනුරගේ ආණ්ඩුවත් කළු පැල්ලමක් ඉතිහාසයට එක් කළා
09:03
Video thumbnail
පියංකර ජයරත්න වැලිකඩ බන්ධනාගාරයට
00:39
Video thumbnail
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් නලින්ද ආයාචනා කරයි - විපක්ෂය උද්ඝෝෂණ කළාට අපිට දැනෙන්නේ නෑ
06:33