spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාඨලීගෙන් නව පක්ෂයක් (වීඩියෝ)

එක්සත් ජනරජ පෙරමුණ නමින් ලබන මැයි මාසයේදී නව දේශපාලන පක්ෂයක් පිහිටුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ රට බංකොලොත් භාවයෙන් මුදා ගැනීමට කුසලතාවය මත පදනම් වූ දේශපාලන පක්ෂයක් අවශ්‍ය බවයි.

පවුල්වල උරුමයෙන් සිදු වන දේශපලානයට තිත තැබිය යුතු අතර මුදල්වලින් මනාප ලබා ගන්නා ක්‍රමවේදය ද වෙනස් විය යුතු බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.

සමාජවාදී, ධනවාදී වැනි යල් පැනගිය දෘෂ්ඨීන් වෙනුවට නව දෘෂ්ඨියක් මත රට ඉදිරියට ගෙන යාමට දේශපාලන පක්ෂයක් අවශ්‍ය බව පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දෙනවා.

නව පක්ෂය සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් සමග මෙන්ම විවිධ කණ්ඩායම් සමග මේවන විට සාකච්ඡා කෙරෙමින් පවතින අතර පක්ෂයට එක්වන පිරිස් පිළිබඳ මැයි මාසයේදී දැන ගැනීමට හැකිවනු ඇති බවයි ඔහු සඳහන් කළේ.

https://www.youtube.com/watch?v=g1xSQM9iv_s
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?