AFC Banner
Empty Ad
Empty Ad

පාකිස්ථාන – බංගලි දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනයම වැස්සට සේදෙයි

පාකිස්ථානය සහ බංග්ලාදේශය අතර රාවල්පින්ඩි හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය වර්ෂාවට සේදී ගියා.

පළමු දිනයේ දී නොකඩවා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් තරගයේ කාසියේ වාසිය පවා උරගාබැලීමට අවස්ථාවක් හිමි වුයේ නැහැ.

තරගයේ දෙවන දිනය වන හෙට දිනයේ දී අහස වළාකුලින් බරව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මේ අතර ඊයේ දිනයේ දී ද ක්‍රීඩාංගණයට ඇද හැලුණු වර්ෂාවත් සමඟ කණ්ඩායම් දෙකටම පුහුණු සැසිවලට සහභාගීවීමට අවස්ථාව හිමිවූයේ නැහැ.

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගයෙන් ඓතිහාසික ජයක් වාර්තා කළ බංග්ලාදේශය තරග එකට බිංදුවක් ලෙස ඉදිරියෙන් සිටිනවා.

තරගාවලියේ මුල් කාලසටහනට අනුව, මෙම ටෙස්ට් තරගය කරච්චි හි පැවැත්වීමට නියමිතව තිබුණ ද, ජාතික ක්‍රීඩාංගනයේ සිදුවෙමින් පවතින ඉදිකිරීම් හේතුවෙන් එය රාවල්පින්ඩි වෙත මාරු කිරීමට කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?