පාකිස්ථාන අගනුවර මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමක්

පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර ජනාකීර්ණ ප්‍රදේශයක සිදුවූ මෝටර් රථ බෝම්බ පිපුරුමකින් සටන්කාමීන් දෙදෙනෙකු සහ නිලධාරියෙකු මියගොස් තිබෙනවා.

මෙම බෝම්බ ප්‍රහාරයත් සමඟ මෙතෙක් ආරක්ෂිත නගරයක් ලෙස සැලකුණු ඉස්ලාමාබාද් නුවරට ද ත්‍රස්ත භීතියක් ඇති වී තිබෙනවා.

බෝම්බ ප්‍රහාරයෙන් අවම වශයෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකු සහ සිවිල් වැසියන් හත් දෙනෙකු තුවාල තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පාකිස්ථානු හමුදාවේ සහ රජයේ ඔත්තු ඒජන්සියේ නිවහන වන රාවල්පින්ඩි ආරක්ෂක නගරයට සැතපුම් නවයක් දුරින් පිහිටි ස්ථානයක දී මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වීම විශේෂත්වයක්.

පකිස්ථාන තලේබාන් සංවිධානය මෙම පිපිරීමේ වගකීම භාරගෙන ඇති බවයි අයිරිෂ් එග්සැමිනර් වෙබ් අඩවිය වාර්තා කළේ.
පිපිරීමෙන් ටික වේලාවකට පසු ඉස්ලාමාබාද් පොලිසිය නගරයට  ‘රතු අනතුරු ඇඟවීමක්’ ප්‍රකාශයට පත් කර තිබුණා.

ඒ අනුව ඉස්ලාමාබාද්හි ආරක්ෂක අංශ නැවත අනතුරු ඇඟවීම් සිදුකර ඇත්තේ කිසිම හේතුවක් මත නගරය  ඇතුළතආයුධ රැගෙන යාමට අවසර නොමැති බවද දන්වමින්.

මැතිවරණයට අදාළ රැස්වීම් පොලිස්  අවසරයකින් තොරව පැවැත්වීම ද තහනම් කර ඇති අතර මැතිවරණ කටයුතු සහ කුඩා රැස්වීම් කොන්දේසි සහිතව පැවැත්වීමට පමණක් අවසර ලබා දී තිබෙනවා.

පොලීසිය පැවසුවේ, පොලිස් නිලධාරීන් විසින්  මෝටර් රථය දැක රියදුරුට සාමාන්‍ය පරීක්ෂාව සඳහා නවත්වන ලෙස නියෝග කළ විට  පුපුරුවා හැර ඇති බවයි.

පාකිස්ථාන තලේබාන් ප්‍රකාශක මොහොමඩ් කාලිඩ් කුරාසානි ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ සිය ජ්‍යෙෂ්ඨ නායකයෙකු ඝාතනය කිරීමේ පලිය ගැනීම සඳහා එම සංවිධානයේ එක් සටන්කාමියෙකු මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ බවයි.

ඕමාර් කාලිඩ් කුරාසානි නමින්  හඳුන්වනු ලබන අබ්දුල් වාලි ඉකුත් අගෝස්තු මාසයේදී ඇෆ්ගනිස්ථානයේ පක්ටිකා ප්‍රාන්තයේ මාර්ගයකදී  අ බෝම්බ ප්‍රහාරයකින් මිය ගොස් තිබුණා.

ඔහුගේ මරණය පාකිස්තානු තලේබාන් සංවිධානය ට දැඩි පහරක් වූ අතර, ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණේ පාකිස්තාන බුද්ධි අංශ නියෝජිතයින් වෙතයි.

එරට රජය සමඟ මාස ගණනාවක් පුරා පැවති සටන් විරාමය පකිස්තාන තලේබාන් සංවිධානය විසින් ඒකපාර්ශ්විකව අවසන් කරනු ලැබූ නොවැම්බර් මාසයේ සිට ආරක්ෂක හමුදා වෙත ප්‍රහාර එල්ල කිරීම වේගවත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14