පාකිස්ථානයේ බෞද්ධ අධ්‍යයන චාරිකාවකට ගිය ශ්‍රී ලාංකික දූත පිරිස යළි දිවයිනට

පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර ” ගාන්ධාර සහ තක්ෂිලා සම්ප්‍රදාය ” පිළිබඳව පැවති පර්යේෂණ නිබන්ධන පත්‍රිකා ඉදිරිපත් කිරීමේ වැඩමුළුවකට සහ සම්මන්ත්‍රණයකට සහභාගී වීම සදහා එරටට ගොස් සිටි ශ්‍රී ලාංකික බෞද්ධ දූත පිරිස ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළින් යළි මෙරටට ළඟා වී තිබෙනවා.

අභයගිරිය විහාරාධිකාරී ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කල්ලංචියේ රතනසිරි හිමි, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිලධාරී වැලිවිටියේ සුජීව හිමි සහ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ
(සැළසුම්) නිශාන්ත පුෂ්පකුමාර යන ගිහි පැවිදි දූත පිරිසකුයි මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගී වීමට පාකිස්ථානය වෙත ගොස් තිබුණේ.

වැඩසටහන සදහා ශ්‍රී ලංකාව අවට කලාපයේ බෞද්ධ රටවල් 09ක දුත පිරිසක් සහභාගී වී සිටි අතර එය පසුගිය 10 වනදා සිට දින 07ක කාලයක් පවත්වා තිබෙනවා.

ඔවුන් විසින් ඉදිරිපත් කළ පර්යේෂණ නිබන්ධන පත්‍රිකාවල තිබූ ඇතැම් කරුණු එතෙක් පාකිස්ථාන රජය හෝ නොදැන සිටි ඒවා බවයි ඊට සහභාගී වූ හිමිවරුන් සඳහන් කළේ.

මෙම සම්මන්ත්‍රණය සහ පර්යේෂණ නිබන්ධන පත්‍රිකා ඉදිරිපත් කිරීමෙන් පසු එරට බෞද්ධ ලෝක උරුමයක් වූ අශෝක රජතුමා විසින් කරවූ “ධර්මරාජ ස්තූපය” සහ තක්ෂිලා කෞතුකාගාරයේ තැන්පත් කර ඇති බුදුන් වහන්සේගේ දක්ෂිණ දන්ත ධාතූන් වහන්සේ දැක බලා ගැනීමට ද මෙම ශ්‍රී ලාංකික බෞද්ධ දූත පිරිස ගොස් තිබෙනවා.

ශ්‍රී ලාංකික බෞද්ධ දූත පිරිස මෙම වැඩසටහන නිමවා ඊයේ රාත්‍රී 10.10ට පාකිස්ථානයේ ලාහෝර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 186 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ පාකිස්ථාන තානාපති කාර්යාලයේ උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18