පාකිස්ථානයට ලකුණු 267ක ඉලක්කයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට පාකිස්ථානයට ලකුණු 267ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 48යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 266ක්.

ඉෂාන් ක්‍රිෂන් පන්දු 81කින් ලකුණු 82ක් ලබා ගත්තේ හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් ද සමගින්.

හර්දික් පාන්ඩ්යා පන්දු 91කින් ලකුණු 87ක් ලබාගත්තා. ඊට හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් ඇතුලත්.

Shreyas Iyer ලකුණු 14ක් ලබා ගත්තා. නායක රෝහිත් ශර්මා 11යි. විරාත් කෝලි ලකුණු 4කට දැවී ගියා.

පන්දු යැවීමේදී ශහීන් ෂා අෆ්රිඩි ලකුණු 35කට කඩුලු 4ක් බිඳහෙළුවා. හැරිස් රාවුෆ් කඩුලු 3යි. Naseem Shah කඩුලු 3ක් දවා ගත්තා.

මෙම තරගය ආරම්භ කිරීමෙන් පසු ඉන්දීය ඉනිමට අවස්ථා කිහිපයකදීම වර්ෂාවෙන් බාධා එල්ලවුණා.

පාකිස්ථාන පිළිතුරු ඉනිම තවත් සුළු වේලාවකින් ආරම්භ වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14