පාකිස්ථානයට පහසු ජයක්

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ අද පාකිස්ථාන කණ්ඩායම සිය පළමු ජය වාර්තා කළා.
නෙදර්ලන්තය සමඟ පවතී මෙම තරගය පාකිස්ථානය ජය ගත්තේ කඩුලු 06කින්.

මෙම තරගයේ කාසිය වාසිය දිනූ නෙදර්ලන්ත කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 තුළ දී කඩුලු 09ක් දැවී ලකුණු 91ක් රැස් කළා.

ලකුණු 92ක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි පකිස්ථාන කණ්ඩායම පන්දුවාර 13යි පන්දු 05ක් තුළ කඩුලු 04ක් දැවී එම ඉලක්කය පසුකර යෑමට සමත් වුණා.

එහිදී ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන් පන්දු 39කදී ලකුණු 49ක් රැස්කරමින් පාකිස්ථාන ජයග්‍රහණයට මාවත සකසා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?