Empty Ad
AFC Banner
Empty Ad

ප්‍රේමය නිසා වස පානය කර නුවර වැවට පැන්න තරුණිය

දෙමාපියන් සමඟ ආරවුලක් ඇති කරගෙන වස පානය කිරීමෙන් අනතුරුව අනුරාධපුර නුවර වැවට පැන සිය දිවි නසා ගැනීමට උත්සහ කළ අවිවාහක තරුණියක් දියේ ගිලෙමින් සිටිය දී, අනුරාධපුර රණසේවා පුර පිහිටි යුද හමුදා කදවුරේ බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනෙකු එම තරුණියගේ ජීවිතය බේරා ගෙන තිබෙනවා.

තරුණිය ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය අත්කම් නිවාස අසල වෙරුම්කුලම පාර කැකිරාව ලිපිනයේ පදිංචි 21 හැවිරිදි තරුණියක බව පසුව අනාවරණය කරගෙන ඇති බවත් සඳහන්.

එම තරුණිය පැවැත්වූ පෙම් සබධතාව බිදවැටීම හා දෙමාපියන් සමග ඇතිවූ ආරවුලක් නිසා දිවිතොර කර ගැනීමට වස පානය කර නුවර වැවට පැන තිබෙන බව පැවසෙනවා.

අනුරාධපුර නගරයට පැමිණ ඇති මෙම තරුණිය වස කුප්පියක් පානය කර පුල්ලෙයාර් හංදිය ආසන්නයේ පිහිටි සොරොව්ව අසලින් දියට පැන ඇති අතර ඇය නුවර වැවේ ගැඹුරු දියට ගසාගෙන යද්දී වැව ආසන්නයේ සිටි පිරිසක් සිවිල් ඇදුමින් සිටි තරුණ නිලධාරින්ට තරුණියක් දියේ ගසාගෙන යන බව දන්වා තිබෙනවා.

මෙම තරුණිය අඩි තිහක් පමණ ඈතට ගසා ගෙන යද්දී කිසිවෙකුත් තරුණිය බේරා ගැනීමට ඉදිරිපත් වී නැති අතර නිලධාරින් දෙදෙනා සිය ජීවිත පරදුවට තබා දියට පැන තරුණිය බේරාගෙන ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට බුද්ධි අංශ නිලධාරින් පියවර ගෙන තිබෙනවා. බේරාගත් තරුණිය වස පානය කිරීම නිසා ආසාධ්‍ය තත්වයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංගීත ප්‍රසංගයට වැස්සෙන් බාධා - චාමර රණවක දෙපාරක් නොහිතා ග්‍රවුන්ඩ් එක මැදට පනියි
03:03
Video thumbnail
දරුවෙක්ගේ කකුළට කරපු දේට පාසලත් නිහඬයි - පොලිසියත් නිහඬයි
05:19
Video thumbnail
ඇමති නලින්ද එක්ක වර්ජනය ගැන කතා කරන්න ගිය වෘත්තිය සමිති ලොක්කෝ මාධ්‍ය මඟහැර හොරෙන්ම මාරු වෙයි
02:34
Video thumbnail
වාහන ආනයනකරුවන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරයි
22:44
Video thumbnail
කොළඹද යන්නේ.මේකත් බලලම යන්න - කපුටෝ උඩ පැන පැන WOSH දාන්නේ
00:56
Video thumbnail
කොළඹද යන්නේ.මේකත් බලලම යන්න - කපුටෝ උඩ පැන පැන WOSH දාන්නේ
10:51
Video thumbnail
පාඨලී විශේෂ හෙළිදරව්වක් කරයි
00:59
Video thumbnail
අනුර කුමාර ජනාධිපතිතුමා කවදාවත් රනිල්ව අත්අඩංගුවට ගන්නේ නෑ
17:21
Video thumbnail
මම එක පෙලට තියලා දෙන්නේ ඔක්කෝටම - අසේල සම්පත් ට්‍රැක්ටරේට ගොඩ වුණේ මෙහෙමයි
22:05
Video thumbnail
අපිට කරන්න පුළුවන් දේ අපි කරලා පෙන්නන්නම් - ඉන්දික අනුරුද්ධ ආණ්ඩුවට අභියෝග කරයි
10:11

?