ප්‍රේමය නිසා වස පානය කර නුවර වැවට පැන්න තරුණිය

දෙමාපියන් සමඟ ආරවුලක් ඇති කරගෙන වස පානය කිරීමෙන් අනතුරුව අනුරාධපුර නුවර වැවට පැන සිය දිවි නසා ගැනීමට උත්සහ කළ අවිවාහක තරුණියක් දියේ ගිලෙමින් සිටිය දී, අනුරාධපුර රණසේවා පුර පිහිටි යුද හමුදා කදවුරේ බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනෙකු එම තරුණියගේ ජීවිතය බේරා ගෙන තිබෙනවා.

තරුණිය ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය අත්කම් නිවාස අසල වෙරුම්කුලම පාර කැකිරාව ලිපිනයේ පදිංචි 21 හැවිරිදි තරුණියක බව පසුව අනාවරණය කරගෙන ඇති බවත් සඳහන්.

එම තරුණිය පැවැත්වූ පෙම් සබධතාව බිදවැටීම හා දෙමාපියන් සමග ඇතිවූ ආරවුලක් නිසා දිවිතොර කර ගැනීමට වස පානය කර නුවර වැවට පැන තිබෙන බව පැවසෙනවා.

අනුරාධපුර නගරයට පැමිණ ඇති මෙම තරුණිය වස කුප්පියක් පානය කර පුල්ලෙයාර් හංදිය ආසන්නයේ පිහිටි සොරොව්ව අසලින් දියට පැන ඇති අතර ඇය නුවර වැවේ ගැඹුරු දියට ගසාගෙන යද්දී වැව ආසන්නයේ සිටි පිරිසක් සිවිල් ඇදුමින් සිටි තරුණ නිලධාරින්ට තරුණියක් දියේ ගසාගෙන යන බව දන්වා තිබෙනවා.

මෙම තරුණිය අඩි තිහක් පමණ ඈතට ගසා ගෙන යද්දී කිසිවෙකුත් තරුණිය බේරා ගැනීමට ඉදිරිපත් වී නැති අතර නිලධාරින් දෙදෙනා සිය ජීවිත පරදුවට තබා දියට පැන තරුණිය බේරාගෙන ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට බුද්ධි අංශ නිලධාරින් පියවර ගෙන තිබෙනවා. බේරාගත් තරුණිය වස පානය කිරීම නිසා ආසාධ්‍ය තත්වයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09