ප්‍රමිතිය සහතිකයි : ගෑස් සමාගම කියයි

නියමිත ප්‍රමිතියෙන් යුත් ගෑස් සිලින්ඩර පාරිභෝගිකයින් වෙත ලබාදෙන බවට වූ පොරොන්දුව එලෙසම ක්‍රියාත්මක කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම සහ පාරිභෝගික අධිකාරිය අද අභියනාධිකරණයට නැවතත් සහතික වී තිබෙනවා.

ලිට්‍රෝ සමාගම මේ බව සඳහන් කලේ මෑතකාලීන ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් වන්දි ගෙවන ලෙස ඉල්ලා සිවිල් සමාජ ක්‍රියාකාරී නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොණු කර ඇති රිට් පෙත්සම මෝසමක් මගින් අද යළි කැඳවූ අවස්ථාවේදීයි.

මේ වනවිටත් දිනකට දෙකක් හෝ ගෑස් ආශ්‍රිත පිපිරීම් සිදුවන බැවින් ගෑස් සමාගම් සහ පාරිභෝගික අධිකාරිය වෙත අභියානාධිකරණය ලබාදුන් නියෝගය ක්‍රියාත්මක කිරීම ඔවුන් විසින් පැහැර ඇති බව පෙනී යන බව එහිදී නාගාන්නද කොඩිතුවක්කු මහතා අභියානාධිකරණය හමුවේ සදහන් කර තිබුණා.

එම චෝදනාව ප්‍රතික්ශේප කල විත්තිකාර පාර්ශවය අවධාරණය කලේ අභියානාධිකරණයේ නියෝගය එලෙසම ක්‍රියාත්මක වන බවත් එළඹෙන තුන්වෙනිදා විශේෂඥයින් සමග පැවැත්වෙන විශේෂ සාකච්ඡාවකින් අනතුරුව තවත් වේගවත්ව එම කටයුතු ක්‍රියාත්මත කිරීමේ හැකියාව පවතින බවයි.

අභියානාධිකරණ විනිසුරුවරුන් වන රුවන් ප්‍රනාන්දු සහ සම්පත් විජයරත්න යන මහත්වරුන් ඉදිරියේ පෙත්සම විභාග කෙරුණු අතර පෙත්සම වැඩිදුර සළකා බැලීම ජනවාරි 26 සිදු කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාර්ගේ අභද්‍ර වචනය ගැන කළබල වෙන්න ඕනි නෑ - අපිට විපක්ෂ නායක ගැන විශ්වාසයි
03:40
Video thumbnail
"ඉතිහාසයේ කවදාවත් නොවුණු පුදුමාකාර දෙයක් වෙලා තියෙන්නේ"
00:22
Video thumbnail
කාටත් හොරා විදේශ රටකින් ආනයනය කළ බදු නොගෙවූ සිගරට් තොගයක් කොටුවෙයි
01:01
Video thumbnail
දෙදෙනෙකු එළොව යැවූ බද්දේගම රත් කළ වෙ# වරුසාව - මෙන්න CCTV දර්ශන එළියට..
01:18
Video thumbnail
යුද හමුදාවට රටේ බලය දීම ගැන දොලවත්තගෙන් හෙළිදරව්වක් - හමුදාවට පුරුදු නෑ මිනිස්සු එක්ක ගණුදෙනු කරලා
07:45
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
අවු:20කින් හාරපු නැති ඇළක අනවසර ඉදිකිරීම ගොඩක් කරලා - ඉවත් කිරීමේදී මිනිස්සුන්ගෙන් චෝදනා
04:19
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි - "ගලවපන්..ගලවපන් - කඩන්න එපා"
01:58
Video thumbnail
තාත්තයි පුතයි ඇවිත් සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ - කැරම් බෝඩ්වල Barcode මාරු කරලා දුන්න ගේම
01:36
Video thumbnail
කාටත් හොරා තබාගත් රිවෝල්වරයක් සහ උණ්ඩ දෙකක් සමඟ පුද්ගලයෙක් වාද්දූවෙන් කොටු
00:51