AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රෙස්ටීජ් ෆෝල්කන් නැවේ ගලවා ගැනීමේ මෙහෙයුම්වලට ඉන්දියාවෙන් නෞකාවක් සහ ගුවන් යානයක් (වීඩියෝ)

ඕමානයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී අනතුරට ලක් වූ කොමරෝස් ධජය සහිත ‘ප්‍රෙස්ටීජ් ෆෝල්කන්’ තෙල් නෞකාවේ සෝදිසි කිරීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා ඉන්දියාව විසින් නෞකාවක් සහ ගුවන් යානයක් යොදවා ඇති බව වාර්තා වනවා.

මේ අතර ඕමාන් සමුද්‍රීය ආරක්ෂක මධ්‍යස්ථානය පැවසුවේ එම නෞකාවේ කාර්ය මණ්ඩලය සොයාගැනීම සඳහා සෝදිසි සහ ගලවා ගැනීමේ මෙහෙයුම් තවමත් සිදුවෙමින් පවතින බවයි.

ඔමානි සමුද්‍රීය ආරක්ෂක මධ්‍යස්ථානය විදෙස් මාධ්‍ය වෙත පවසන්නේ යාත්‍රාව දිය යට, පෙරළී පවතින බවයි.

කෙසේ වෙතත්, නෞකාවෙන් තෙල් කාන්දුවක් සිදුව ඇත් ද යන්න තවමත් පැහැදිලි නැහැ.

මෙම නෞකාව යේමනයේ ඒඩන් වරාය වෙත යාත්‍රා කරමින් සිටිය දී ඕමානයේ ප්‍රධාන කාර්මික වරායවන ඩුක්ම් වරායට ආසන්න මුහුදේ මෙලෙස අනතුර ලක්ව තිබෙනවා.

අනතුරට ලක්වන අවස්ථාවේ දී ප්‍රෙස්ටීජ් ෆෝල්කන් නෞකාව තුළ ශ්‍රී ලාකිකයින් තිදෙනෙක් සහ ඉන්දීය ජාතිකයින් 13 දෙනෙකුගෙන් සමන්විත සමස්ථ කාර්ය මණ්ඩලය 16ක් සිට ඇති බවයි වාර්තා වුණේ.

මෙම යාත්‍රාව 2007 දී නිෂ්පාදනය කර ඇති අතර, මීටර් 117ක් දිග මෙම තෙල් ප්‍රවාහන නෞකාව බොහෝ දුරට කෙටි වෙරළබඩ ගමන් සඳහා භාවිත කර ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
7
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?