ප්‍රෙස්ටීජ් ෆෝල්කන් නැවේ ගලවා ගැනීමේ මෙහෙයුම්වලට ඉන්දියාවෙන් නෞකාවක් සහ ගුවන් යානයක් (වීඩියෝ)

ඕමානයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී අනතුරට ලක් වූ කොමරෝස් ධජය සහිත ‘ප්‍රෙස්ටීජ් ෆෝල්කන්’ තෙල් නෞකාවේ සෝදිසි කිරීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා ඉන්දියාව විසින් නෞකාවක් සහ ගුවන් යානයක් යොදවා ඇති බව වාර්තා වනවා.

මේ අතර ඕමාන් සමුද්‍රීය ආරක්ෂක මධ්‍යස්ථානය පැවසුවේ එම නෞකාවේ කාර්ය මණ්ඩලය සොයාගැනීම සඳහා සෝදිසි සහ ගලවා ගැනීමේ මෙහෙයුම් තවමත් සිදුවෙමින් පවතින බවයි.

ඔමානි සමුද්‍රීය ආරක්ෂක මධ්‍යස්ථානය විදෙස් මාධ්‍ය වෙත පවසන්නේ යාත්‍රාව දිය යට, පෙරළී පවතින බවයි.

කෙසේ වෙතත්, නෞකාවෙන් තෙල් කාන්දුවක් සිදුව ඇත් ද යන්න තවමත් පැහැදිලි නැහැ.

මෙම නෞකාව යේමනයේ ඒඩන් වරාය වෙත යාත්‍රා කරමින් සිටිය දී ඕමානයේ ප්‍රධාන කාර්මික වරායවන ඩුක්ම් වරායට ආසන්න මුහුදේ මෙලෙස අනතුර ලක්ව තිබෙනවා.

අනතුරට ලක්වන අවස්ථාවේ දී ප්‍රෙස්ටීජ් ෆෝල්කන් නෞකාව තුළ ශ්‍රී ලාකිකයින් තිදෙනෙක් සහ ඉන්දීය ජාතිකයින් 13 දෙනෙකුගෙන් සමන්විත සමස්ථ කාර්ය මණ්ඩලය 16ක් සිට ඇති බවයි වාර්තා වුණේ.

මෙම යාත්‍රාව 2007 දී නිෂ්පාදනය කර ඇති අතර, මීටර් 117ක් දිග මෙම තෙල් ප්‍රවාහන නෞකාව බොහෝ දුරට කෙටි වෙරළබඩ ගමන් සඳහා භාවිත කර ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51