ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරියක් සිදු කල අනවසර ඉදි කිරිමට මහජන විරෝධය

නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරියක් විසින් (07) දින රාත්‍රියේ අනවසර වෙලදසැලක් ඉදි කිරිමට එරෙහිව වතු කම්කරුවන් පිරිසක් (08) දින එයට විරෝධය පාමින් උද්ඝෝෂණයක නිරත විය.

හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ ටින්සින් නගරයට ආසන්නයේ (07) දින රාත්‍රියේ තම වතු යායට අයත් ප්‍රධාන මාර්ගයට ආසන්නයේ පිහිටි ඉඩමක කොටසක් අදාල මන්ත්‍රිවරිය විසින් බලහත්කාරයෙන් අල්ලා අනවසර වෙලදසැලක් ඉදි කර ඇති බවයි උද්ඝෝෂණයේ නිරතව සිටි වතු කම්කරුවන් කියා සිටියේ.

බගවන්තලාව ටින්සින් වතු යායට අයත් ඉඩම් පිටස්තර පුද්ගලයන්ට අත්පත් කරගැනිමට ඉඩ ලබාදිය නොහැකි බවත්ල මෙම අනවසර ඉදි කිරිම ඉවත් කිරිමට කටයුතු නොකලහොත් ප්‍රධාන මාර්ගයට ආසන්නයේ පිහිටි තම වතු යායේ ඉඩම් තමන්ද අත්පත් කරගැනිමට කටයුතු කරන බවයි උද්ඝෝෂණයේ නිරතව සිටි වතු කම්කරුවන් කියා සිටියේ.

අනවසරෙන් ටින්සින් වතුයායට අයත් යැයි පැවසෙන ඉඩමක අනවසර ඉදි කිරිමක් සිදු කර ඇතිද යන්න කරුණු විමසිමට නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ අදාල මන්ත්‍රිවරිය සම්බන්ධ කර ගැනිමට අවස්තා කිහිපයකදි උත්සහ කලත් එය ව්‍යාප්ත වු නිසා අප ඒ පිලිබදව නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපති රවි කුලන්දවේල් මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ අදාල මන්ත්‍රිවරිය ඉදි කිරිම සිදු කර ඇත්තේ වතුයායට අයත් ඉඩමක නොව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග රක්ෂිතයේ බවයි.

එම ඉදි කිරිම ඉවත් කිරිමට තමන්ට නිතිමය බලයක් නොමැති බවද ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා පැවසිය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14