ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් විජයන්ත දිවි ගමන නිමකරයි

ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් විජයන්ත කැනඩාවේ දී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (09) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.

වික්ටර් විජයන්ත ප්‍රවීණ ගායන ශිල්පී මායා දමයන්තිගේ ස්වාමිපුරුෂයායි.

80 – 90 දශකයේ චිත්‍රපට සඳහා පසුබිම් ගායනයෙන් එක්වූ ඔහු අභාවප්‍රාප්තවන විට 77 වන වියේ පසු වුණා.

දේහය පිළිබද අවසන් කටයුතු කැනඩාවේ දී සිදු කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.