ප්‍රභූන්ගෙන් කප්පම් ගත් 26 හැවිරිදි කතක් ඉන්දීය ආරක්ෂක අංශ අත්අඩංගුවට

දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන් සහ චිත්‍රපට නිෂ්පාදකයින් වැනි ධනවත් සහ බලගතු පුද්ගලයින්ගෙන් කප්පම් ලබාගත් 26 හැවිරිදි කාන්තාවක් ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙම කාන්තාව විසින් විවිධ ප්‍රසිද්ධ චරිතවලින් ලබාගත් කප්පම් මුදල්වලින් ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගතකර ඇති බවයි.

අර්චනා නාග් නමැති මෙම තැනැත්තිය කප්පම් මුදල් වලින් සුඛෝපභෝගී මෝටර් රථ, උසස් වර්ගයේ සුනඛයන් හතර දෙනෙකු සහ සුදු අශ්වයෙකු සමඟ සුඛෝපභෝගී නිවසක දිවි ගෙවා ඇති බවටයි අනාවරණය කරගෙන ඇත්තේ.

ඉන්දියාවේ කලහාන්ඩි දිස්ත්‍රික්කයේ දිළිඳු පවුලක උපත ලබා ඇති මෙම කාන්තාව 2015 දී බුවනේස්වර් වෙත පැමිණ පෞද්ගලික ආරක්ෂක ආයතනයක සේවය කර ඇති බව අනාවරණය වී තිබෙනවා.

පසුව මැය රූපලාවන්‍යාගාරයකට සම්බන්ධව රැකියාවක නිරතව ඇති අතර, එහිදී ජගබන්ධු චාන්ද් නමැති තරුණයා මුණගැසීමෙන් පසු ඔවුන් 2018 වසරේ දී විවාහ වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අර්චනා රූපලාවන්‍යාගාරයේ සේවය කරමින් සිටියදී ලිංගික ජාවාරමක් පවත්වාගෙන ගිය බවට ද චෝදනා එල්ල වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ.

මෙම තැනැත්තිය විවාහ වූ ජගබන්ධු චාන්ද් නමැති පුද්ගලයා මෝටර් රථ ප්‍රදර්ශනාගාරයක් පවත්වාගෙන ගිය අයෙක් වන අතර, ඔහු සමඟ විවාහ වීමෙන් පසුව සහ රූපලාවන්‍යාගාරයේ සේවය කරමින් සිටියදී ප්‍රසිද්ධ චරිත රැසක් සමඟ සබඳතා ගොඩනගා ගැනීමටයි මැය කටයුතු කර ඇත්තේ.

මෙම කාන්තාව සමඟ මිත්‍ර වූ ධනවත් හා බලගතු පුද්ගලයන්ට කාන්තාවන්ගේ ඇසුර ලබාදීමට මැය විසින් කටයුතු කර ඇති අතර, එම අවස්ථාවන් ඉතා සුක්ෂම අයුරින් ඡායරූප ගත කිරීමට ද කටයුතු කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අනතුරුව එම ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදාහරින බවට තර්ජනය කරමින් දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන් සහ චිත්‍රපට නිෂ්පාදකයින් වැනි ධනවත් සහ බලගතු පුද්ගලයින්ගෙන් මෙම කාන්තාව කප්පම් ලබාගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

චිත්‍රපට නිෂ්පාදකවරයකු විසින් නායපල්ලි පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලක් මත මෙම සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර, චිත්‍රපට නිෂ්පාදකයා පොලිසියට පවසා ඇත්තේ තමන් කාන්තාවන් සමඟ සිටින ඔහුගේ ඡායාරූප පෙන්වමින් ඔහුගෙන් රුපියල් කෝටි තුනක් මැය විසින් ඉල්ලා ඇති බවයි.

පසුව සිදුකළ විමර්ශනවලදී අර්චනා නාග් විසින් සිදුකළ කප්පම් ලබාගැනීම් සම්බන්ධ තොරතුරු රැසක් අනාවරණය කරගෙන ඇති අතර, ඇයගේ දේපළ සහ වත්කම් රැසක් අනාවරණය කර ගැනීමට ද හැකියාව ලැබී තිබෙනවා.

මෙම සිද්ධීන් සම්බන්ධයෙන් ඉන්දීය ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46