ප්‍රදේශ කිහිපයක වනාන්තර ගිනි ගනී

ප්‍රදේශ කිහිපයක වනාන්තරවල හටගත් ගිනි ගැනීම් කිහිපයක් මැඩ පැවැත්වීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ලග්ගල හල්දුම්මුල්ල සහ උප්පුවේලි ප්‍රදේශවල මෙම ගිනි ගැනීම් වාර්තා වී ඇති බවයි.

ලග්ගල නකල්ස් රක්ෂිතයේ මානිගල කන්දේ හටගත් හදිසි ගින්න අඩවි වන නිලධාරීන් ආපදා කළමනාකරණය නිලධාරීන් ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව මැඩ පැවැත්වීමට කටයුතු කරමින් සිටිනවා.

ගින්න පවතින ප්‍රදේශය නිවාස නොමැති ලඳු කැලෑ ප්‍රදේශයක් වන අතර ළගා වීමට අපහසු ප්‍රදේශයක් බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර උප්පුවේලි මිහිඳුපුර ප්‍රදේශයේ ඊයේ දහවල් හටගත් ගින්නක් ගිනි නිවීමේ ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව මැඩ පවත්වා තිබෙනවා.

එම ගින්න හේතුවෙන් අක්කර 3ක පමණ මුඩු භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

මේ අතර හල්දුම්මුල්ල කලුපහන ප්‍රදේශයේ කන්දක ද හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ වනජීවී නිලධාරීන් ආපදා කළමනාකරණ නිලධාරීන් වන සංරක්ෂණ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපවත්වා ඇති බවයි.

එම ගින්න හේතුවෙන් මුඩු භූමි ප්‍රදේශයක් විනාශ වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21