spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

ප්‍රදේශ කිහිපයක වනාන්තර ගිනි ගනී

ප්‍රදේශ කිහිපයක වනාන්තරවල හටගත් ගිනි ගැනීම් කිහිපයක් මැඩ පැවැත්වීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ලග්ගල හල්දුම්මුල්ල සහ උප්පුවේලි ප්‍රදේශවල මෙම ගිනි ගැනීම් වාර්තා වී ඇති බවයි.

ලග්ගල නකල්ස් රක්ෂිතයේ මානිගල කන්දේ හටගත් හදිසි ගින්න අඩවි වන නිලධාරීන් ආපදා කළමනාකරණය නිලධාරීන් ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව මැඩ පැවැත්වීමට කටයුතු කරමින් සිටිනවා.

ගින්න පවතින ප්‍රදේශය නිවාස නොමැති ලඳු කැලෑ ප්‍රදේශයක් වන අතර ළගා වීමට අපහසු ප්‍රදේශයක් බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර උප්පුවේලි මිහිඳුපුර ප්‍රදේශයේ ඊයේ දහවල් හටගත් ගින්නක් ගිනි නිවීමේ ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව මැඩ පවත්වා තිබෙනවා.

එම ගින්න හේතුවෙන් අක්කර 3ක පමණ මුඩු භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

මේ අතර හල්දුම්මුල්ල කලුපහන ප්‍රදේශයේ කන්දක ද හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ වනජීවී නිලධාරීන් ආපදා කළමනාකරණ නිලධාරීන් වන සංරක්ෂණ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපවත්වා ඇති බවයි.

එම ගින්න හේතුවෙන් මුඩු භූමි ප්‍රදේශයක් විනාශ වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?