spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රදේශ කිහිපයකට තද වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය විසින් ප්‍රදේශ කිහිපයකට තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

හෙට (03) පස්වරු 1 දක්වා වලංගු වන ආකාරයෙන් මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ අද පස්වරු 1ටයි.

එහි දැක්වෙන්නේ නිරිත දිග මෝසම සක්‍රිය වීම හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බවයි.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති වීමේ හැකියාවක් පවතිනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි ජනතාවට දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?