spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය ඩිලාන්ට(ඡායාරූප)

ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙස ඩිලාන් පෙරේරා මහතා පත් කර තිබෙනවා.

ඒ එම කාරක සභාවේ සභාව අද (21) රැස්වූ අවස්ථාවේදී.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මායාදුන්න චින්තක අමල් සහ ගෙවිඳු කුමාරතුංග යන මහත්වරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් ඔහු එම තනතුරට පත් කෙරුණා.

ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙස තමන්ගේ නම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු විසින් යෝජනා කිරීමත්, විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයකු ඊට විරුද්ධ නොවී එය ස්ථිර කිරීමත් පිළිබඳව තමා සතුටු වන බව අභිනව සභාපතිවරයා කාරක සභාව අමතමින් ප්‍රකාශ කළා.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය, ජාතික සමගිය සහ ප්‍රතිසන්ධාන කාර්යාලය, අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය, ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව, රාජ්‍ය භාෂා කොමිෂන් සභාව වැනි ආයතන කාරක සභාව හමුවට කැඳවා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා පැවසුවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම් ඒ සුමන්තිරන්, ඒ එල් එම් අතාවුල්ලා, මායාදුන්න චින්තක අමල්, ගෙවිඳු කුමාරතුංග, කුලසිංහම් තිලීපන්, රාජිකා වික්‍රමසිංහ සහ ඉසුරු දොඩංගොඩ මීට එක්ව සිටියා.

ead42705 2ca2 4071 823b 5fabe2045588
e9d4ae5c 07c6 4d9c b801 6625a06a5e4d
d9e1f224 f272 4977 a07a e7b93050c562
0d3ba0c0 7265 4f45 b371 92cf3f3c9556
4622411b 2b3a 478c bb2c e4803e8fae23
76bca836 9abf 4324 9b87 92da56f14d31 1
124dfa02 e143 4d54 af85 99f608d7d388
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?