ප්‍රතිජීවක ඖෂධයක් නිසා තවත් මරණයක්

කෑගල්ල මහ රෝහලේ දී ප්‍රතිජීවක ඖෂධයක් ලබා දීමෙන් අනතුරුව ඇති වූ සංකූලතා තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වනවා.

56 හැවිරිදි මෙම පුද්ගලයා පසුගියදා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත්තේ ඔහුගේ මුඛය දෙපස ඇති වූ තුවාල තත්ත්වයක් හේතුවෙනුයි.

රෝහල් අධ්‍යක්ෂ මිහිරි ප්‍රියංගනී මහත්මිය ප්‍රකාශ කර ඇත්තේ මියගිය මෙම පුද්ගලයාට ලබාදී ඇත්තේ පසුගියදා පේරාදෙණිය රෝහලේදී මියගිය චමෝදි සන්දීපනීට ලබාදුන් ඖෂධයම බවයි.

එහිදී ඔහුට ප්‍රතිජීවක ඖෂධය අවස්ථා 13ක් ලබාදී ඇති අතර 14 වන ප්‍රතිජීවක ඖෂධයෙන් පසු ඔහු මියගිය බව රෝහල් අධ්‍යක්ෂ මිහිරි ප්‍රියංගනී මහත්මිය ප්‍රකාශ කර තිබෙනවා.

අදාළ පුද්ගලයාගේ ශරීරයේ ප්‍රතිශක්තීකරණය ඉතා දුර්වල මට්ටමක පැවතීම හේතුවෙන් මෙම ආසාත්මිකතාව ඇතිවන්නට ඇති බව ද රෝහල් අධ්‍යක්ෂවරිය සඳහන් කළා.

මෙලෙස මිය ගොස් ඇත්තේ කෑගල්ල මාකූර ප්‍රදේශයේ පදිංචිව සිටි එක්දරු පියෙක්.

මේ අතර සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට එරෙහිව සමගි ජනබලවේගය ගෙන එන විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීම ආරම්භ කළා.

වගකීම් විරහිත ලෙස ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ මෙරටට ගෙන්වා සෞඛ්‍ය ක්ෂේත්‍රය දුර්වල කිරීම මෙන්ම ඒ හේතුවෙන් මරණ සිදුවීම යන කරුණු මුල් කරගනිමින් මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට තීරණය කර තිබෙනවා.

මේ හේතුවෙන් පසුගිය කාලයේ මරණ රැසක් සිදු වූ බවයි සමගි ජනබලවේගය සඳහන් කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02
Video thumbnail
සංවර්ධිතම රාජ්‍ය කරන්න ඔය මන්නාරම් ද්‍රෝණියේ ව්‍යාපෘතියම ඇති - සියලුම ණය ගෙවන්න පුළුවන්
02:28