ප්‍රංශයේ සුපිරි පාපන්දු තරුව ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී

ප්‍රංශ සුපිරි පාපන්දු තරුවක් වන රෆායෙල් වරනේ ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීම නිවේදනය කර තිබෙනවා.

රෆායෙල් වරනේ 2018 වසරේ පාපන්දු ලෝක කුසලානය දිනූ ප්‍රංශ පාපන්දු කණ්ඩායමේ සාමාජිකයෙකු ද වනවා.

මේ වනවිට 29 හැවිරිදි වියේ පසුවන රෆායෙල් වරනේ සිය සමුගැනීම ප්‍රකාශයට පත්කරමින් සඳහන් කළේ,

“දශකයක සිට අපේ සුන්දර රට නියෝජනය කිරීම මගේ ජීවිතයේ ලොකුම ගෞරවයක්. මම ඒ විශේෂ නිල් ජර්සිය පැළඳ සිටින සෑම අවස්ථාවකම මට දැනුණේ පුදුමාකාර ආඩම්බරයක්, මම මාස කිහිපයක් තිස්සේ මෙම තීරණය ගැන සිතමින් සිටි අතර, ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාවෙන් සමුගැනීමට මට සුදුසුම කාලය මෙය බව මම තීරණය කළා.”

2013 වසරේ සිය මංගල තරගයට සහභාගි වීමෙන් පසු වරනේ තම රට වෙනුවෙන් ජාත්‍යන්තර පාපන්දු තරග 93ල සඳහා ක්‍රීඩා කර තිබෙනවා.

2021 අගෝස්තු මාසයේදී රියල් මැඩ්රිඩ් කණ්ඩායම හැරදා යුනයිටඩ් කණ්ඩායම සමඟ ගිවිසුම් අත්සන් කළ වරනේ, ලෝක කුසලානයෙන් පසු විශ්‍රාම ගත් නවතම ලෙස් බ්ලූස් ක්‍රීඩකයා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37