spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රංශයේ සුපිරි පාපන්දු තරුව ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී

ප්‍රංශ සුපිරි පාපන්දු තරුවක් වන රෆායෙල් වරනේ ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීම නිවේදනය කර තිබෙනවා.

රෆායෙල් වරනේ 2018 වසරේ පාපන්දු ලෝක කුසලානය දිනූ ප්‍රංශ පාපන්දු කණ්ඩායමේ සාමාජිකයෙකු ද වනවා.

මේ වනවිට 29 හැවිරිදි වියේ පසුවන රෆායෙල් වරනේ සිය සමුගැනීම ප්‍රකාශයට පත්කරමින් සඳහන් කළේ,

“දශකයක සිට අපේ සුන්දර රට නියෝජනය කිරීම මගේ ජීවිතයේ ලොකුම ගෞරවයක්. මම ඒ විශේෂ නිල් ජර්සිය පැළඳ සිටින සෑම අවස්ථාවකම මට දැනුණේ පුදුමාකාර ආඩම්බරයක්, මම මාස කිහිපයක් තිස්සේ මෙම තීරණය ගැන සිතමින් සිටි අතර, ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාවෙන් සමුගැනීමට මට සුදුසුම කාලය මෙය බව මම තීරණය කළා.”

2013 වසරේ සිය මංගල තරගයට සහභාගි වීමෙන් පසු වරනේ තම රට වෙනුවෙන් ජාත්‍යන්තර පාපන්දු තරග 93ල සඳහා ක්‍රීඩා කර තිබෙනවා.

2021 අගෝස්තු මාසයේදී රියල් මැඩ්රිඩ් කණ්ඩායම හැරදා යුනයිටඩ් කණ්ඩායම සමඟ ගිවිසුම් අත්සන් කළ වරනේ, ලෝක කුසලානයෙන් පසු විශ්‍රාම ගත් නවතම ලෙස් බ්ලූස් ක්‍රීඩකයා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?