පළමු 20-20 තරගයේ දී නවසීලන්තයේ නිල නාමය ‘Aotearoa’ ලෙස වෙනස් කළ ඇත්තම හේතුව මෙන්න

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත අතර ඕක්ලන්ඩ් හී ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගණයේදී අද (02) පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් සුපිරි පන්දුවාරයේ දී අති විශිෂ්ඨ ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා.

මෙම ජයත් සමඟ තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග එකට බිංදුවක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගත්තා.

මේ අතර මෙම තරගයේ සජීවී විකාශය අතර තුර, රූපවාහිනී තිරයේ දිස්වන ලකුණු සටහනේ නවසීලන්තයේ නිල නාමය ඔටේඅරෝඕආ (Aotearoa) ලෙස වෙනස්කර තිබීම පිළිබඳව මෙරට ඇතැම් මාධ්‍ය පුවත් වාර්තා කර තිබුණා.

නවසීලන්තයේ ආදීවාසීන් ලෙස සැළකෙන මාඕරිවරුන් සිය මව්බිම (නවසීලන්තය) හඳුන්වන නාමය ලෙස දැක්වෙන්නේ ඔටේඅරෝඕආ (Aotearoa) ලෙසයි.

ඒ, අනුව අද තරගය රූපවාහිනිය ඔස්සේ විශාල මාඕරිවරුන් පිරිසක් නැරඹීමත් සමඟ ඔවුන්ගේ ද පහසුව සඳහා මෙලෙස නවසීලන්ත නිළ නාමය, ඔටේඅරෝඕආ (Aotearoa) ලෙස රූපවාහිනී තිරයේ දිස්වන ලකුණු සටහනට ආදේශ කර ඇති බවයි දැනගන්නට ලැබුණේ.

එමෙන්ම අභාවයට යමින් ඇති මාඕරි භාෂාව, අභාවයට යාමෙන් වළක්වා ගැනීමට ගත් එක් උත්සාහයක් ලෙස ද මෙලෙස තරග තුළ දී මාඕරි භාෂාවෙන් නම් හඳුන්වා තිබීම සැළකිය හැකියි.

ඔටේඅරෝඕආ (Aotearoa) යන වචනයේ තේරුම ලෙස දැක්වෙනේ ‘දිඟු වළාකුළු ඇති දේශය’ යන්නයි.

මේ අතර එම ලකුණු සටහනේ ශ්‍රී ලංකා නාමය ද ප්‍රදර්ශනය කර තිබුනේ මාඕරි භාෂාවෙන් හිරකා (Hiraka) ලෙසටයි.

හිරකා (Hiraka) යන්නේ තේරුම වන්නේ “සේද රාජ්‍යය” යන්නයි.

1 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කුවට සමාන කරලා දිට්වා ගැන හෙළිකරපු දේ - දැන් රාජ්‍ය නිලධාරින්ට ම#ණ දඬුවම් කන්න වෙලා
07:25
Video thumbnail
පවතින කාලගුණය නිසා ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාගවලට විශේෂ මාර්ගෝපදේශයක් ඉදිරිපත් කරයි
05:32
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41